SKIP TO MAIN CONTENT

මැතිවරණය නොපවත්වන්නේ ඒකාබද්ධයට බයේ නෙමෙයි : එස්.බී.දිසානායක.

Politics of Sri Lanka
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne, Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ ආණ්ඩුව ඊට බියවී යැයි ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට නිරන්තරයෙන් උත්සහ කරන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කළ නොහැකි බවත් එම පක්ෂයේ සාමාජිකයන් රැසක් ඉදිරියේදී ජනාධිපතිවරයා හා එක්වීමට නියමිත බවත් මහනුවර දී පැවැති පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතා අමාත්‍යවරයා කීවේය.

සමස්ථ කුරුණෑගල ආසනය දිනවීමට මෙන් එම ආසනයෙන් ඡන්දය ඉල්ලා සිටි මහින්ද රාජපක්ෂ මහතා නිසා මන්ත්‍රීවරුන් තිදෙනෙකු අහිමිවුණා පමණක් නොව ඡන්ද 89 000කින් ජයග්‍රහණය කර තිබුණු එම ආසනය ඡන්ද 28 000 දක්වා අඩු වුණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් එම  පක්ෂයට හතරුකම් කරන අය කොපමණ ජ්‍යෙෂ්ඨයින් වුවත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.   ඔවුන් නොයෙක් ප්‍රකාශ කළත් පසුගිය කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  බිඳ දමමින් පොහොට්ටු පක්ෂය ප්‍රවර්ධනය කළ බව රටම මුළු රටම දන්නවා. ඡන්ද ඉල්ලා කෑගහන ඒකාබද්ධයේ අඬහැරය මෙයට  පෙර දීද අපි හොඳ හැටි අසා තිබෙනවා." යනුවෙන් දිසානායක  මහතා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය මහ මැතිවරණයේදී මහින්ද රැල්ලක්,මහින්ද සුළි සුළඟක්, මහින්ද  සුනාමියක් තියෙන බවට ප්‍රකාශ කරමින් මැතිවරණයට ඉදිරිපත්ව අවසානයේ සිදුවූයේ පක්ෂයට තිබූ ලක්ෂ 58 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 48 ට ඇද වැටීම බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා එහිදී තව දුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now