SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණ සමීක්ෂණයේදී කම්කරු පක්ෂය ඉදිරියෙන්.

Daniel Andrews is in a commanding position as preferred premier ahead of the Victorian election.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නොවැම්බර් 24 වෙනි දින පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් පැවැත්වූ නවතම Newspoll දේශපාලන සමීක්ෂණයේදී වත්මන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති සහ කම්කරු පක්ෂ අපේක්ෂක  Daniel Andrews, ලිබරල් අපේක්ෂක  Matthew Guy ට වඩා ඉතා ප්‍රබල ස්ථානයක සිටින බව අනාවරණය වී තිබේ.

ලිබරල් පක්ෂයේ නායකත්ව අර්බුදය සහ අගමැති මාරුව මේ සඳහා ප්‍රධාන බලපෑමක් කළ බවද වාර්තා වේ.

The Australian පුවත්පත මෙහෙයවන මෙම සමීක්ෂණයේ නවතම දත්ත වලට අනුව කම්කරු පක්ෂයට 54% ක මනාපයකුත් ලිබරල් පක්ෂයට 46% ක මනාපයකුත් හිමිව තිබේ.

මේ අතර වඩාත් කැමති වික්ටොරියානු ප්‍රාන්ත අගමැතිවරයා ලෙස කම්කරු පක්ෂ අපේක්ෂක  Daniel Andrews 45% ක මනාප ප්‍රතිශතයක්ද ලිබරල් අපේක්ෂක  Matthew Guy 29% ක මනාප ප්‍රතිශතයක්ද ලබා තිබේ.

ඡන්ද මට්ටමින් ගත්කල කම්කරු පක්ෂයට 41% ක ප්‍රතිශතයක්ද ලිබරල් පක්ෂයට 39% ක ප්‍රතිශතයක්ද හිමව ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now