SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ප්‍රහාර ජර මර මැද අමල් පෙරේරා ලංකාවට.

Amal Perera deported from Dubai
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

ඒ අනුව අද (23/04) අලුයම 5.03ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට යත් ගුවන් යානයකින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන්ව භාරගෙන ඇති අතර, පසුව ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 29 දෙනෙක් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now