SKIP TO MAIN CONTENT

ඉන්දීය මළල ක්‍රීඩකයින් දෙපළකට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තහනම් කෙරේ. පළමු ගුවන් යානයෙන්ම ඉන්දියාවට පිටත් කිරීමට නියෝග.

2018 Commonwealth Games
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වී සිටි Rakesh Babu සහ Irfan Kolothum Thodi යන ඉන්දීය මළල ක්‍රීඩකයින් දෙදෙනාට 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තහනම් කරමින් වහාම ඉන්දියාව බලා පිටත් කර තිබේ.

මළල ක්‍රීඩකයින්ගේ ගම්මානයේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිදන කාමරයේ තිබී තියුණු කටුවක් (needle) හමුවීමත් සමග මෙම තීරණය ගත් බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය පවසයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමසීමේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය ඉදිරියේ  සභාපති අදාළ ක්‍රීඩකයින් දෙපළ සහ ඉන්දියානු ක්‍රීඩා නිලධාරීන් තිදෙනෙකු පෙනී සිටිය බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති Louise Martin පැවසීය.

"2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය පුරාවටම බල පැවැත්වෙන  'no-needles' ප්‍රතිපත්තිය ඔවුන් විසින් බිඳ දමා ඇති හෙයින් ඔවුන් තරග නීති රීති උල්ලංඝනය කර තිබෙනවා. එනිසා වහා ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනා මෙවර තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර ඉන්දියාවට ඇති පළමු ගුවන් යානයෙන් ම ඔවුන්ව ඉන්දියාවට පිටත් කිරීමට උපදෙස් ලබා දුන්නා" යනුවෙන්  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ සභාපති Louise Martin වැඩි දුරටත් පැවසීය.

Rakesh Babu තුන් පිම්ම ඉසව්ව සඳහාත් Irfan Kolothum Thodi ඇවිදීමේ ඉසව්ව සඳහාත් තරග වැදීමට නියමිතව තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now