SKIP TO MAIN CONTENT

නිකුත්වුණු ප්‍රතිඵල වලට අනුව ප්‍රධාන පක්ෂ දෙකට වඩා පොහොට්ටුව ඉදිරියෙන්.

SLPP heading for poll victory
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඊයේ (10/02) පැවති ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ඡන්ද 1,721,056 ක් ලබා සභික ධුර 1268 ක් දිනා සිටියි.

ඔවුනේ ගේ මෙතෙක් ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.53% ක් විය.

එක්සත් ජාතික පක්ෂය දෙවැනි තැනට පත් වී ඇති අතර ඔවුන් 1,201,333 ක් ඡන්ද මේ වන විට ගෙන තිබේ.

31.08% ක් වූ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය හරහා සභික ධුර 852 ක් ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස සන්ධානයට ඡන්ද 374,574 ක් ලැබී ඇති අතර මේ වන විට ඔවුන්ට සභික ධුර 266 ක් ලැබී ඇත.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 243,337 ක් ලබා ගෙන ඇති අතර  මේ වන විට ඔවුන්ට සභික ධුර 174  ක් ලැබී ඇත.

Local Government election 2018 Sri Lanka
Source: Daily Mirror

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now