SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය : පළමු දිනයේදීම ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්.

Sri Lanka tour of South Africa
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වන ඊයේ (21/02) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 60 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ව ලකුණු ලකුණු 222 කට  සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවා ගත් අතර ධනංජය ද සිල්වා කඩුලු 2 ක් බිඳ හෙළීය.

මෙහිදී උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ගේ ඇඟිල්ලක සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත් කර රෝහල වෙත රැගෙන යාමට වෛද්‍යවරුන් කටයුතු කළේය.

Sri Lanka tour of South Africa
Lasith Embuldeniya is helped off the field after injuring his left thumb Source: Getty Images

පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවේ ප්‍රථම කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 17 කට දැවී ගිය අතර ඉන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ද දැවී ගියෝය.

ලහිරු තිරිමාන්න ලකුණු 25 ක් ලබා නොදැවී කසුන් රාජිත සමග මේ වන විට කඩුල්ලේ රැදී සිටියි.

අද (22/02) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now