සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය වන ඊයේ (21/02) දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 60 ක් ලබා සිටියි.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ව ලකුණු ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
එහිදී විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලු 3 බැගින් දවා ගත් අතර ධනංජය ද සිල්වා කඩුලු 2 ක් බිඳ හෙළීය.
මෙහිදී උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ශ්‍රී ලංකාවේ නවක ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙනිය ගේ ඇඟිල්ලක සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත් කර රෝහල වෙත රැගෙන යාමට වෛද්‍යවරුන් කටයුතු කළේය.
පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවේ ප්‍රථම කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලකුණු 17 කට දැවී ගිය අතර ඉන් අනතුරුව ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ද දැවී ගියෝය.

Lasith Embuldeniya is helped off the field after injuring his left thumb Source: Getty Images
ලහිරු තිරිමාන්න ලකුණු 25 ක් ලබා නොදැවී කසුන් රාජිත සමග මේ වන විට කඩුල්ලේ රැදී සිටියි.
අද (22/02) තරගයේ දෙවැනි දිනය වේ.