වතිකානුව හෙල්ලෙයි. ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයා ළමා අපයෝජන නිසා සිපිරි ගෙදරට.

George Pell remanded in custody, to be sentenced 13 March

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් George Pell හට එල්ලවී තිබූ ළමා අපහරණ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වීමෙන් අනතුරුව ඔහුව අද දිනයේ (27/02) බන්ධනාගාරගත ගත කෙරුණි.

ළමා අපයෝජන චෝදනා 5ක් ඔහු වෙත එල්ලවී තිබූ අතර ඊයේ දිනයේදී එම චෝදනා සඳහා ඔහු වැරදිකරු බවට මෙල්බර්න් අධිකරණය තීන්දු කළේය.

මෙල්බර්න් නුවර අගරදගුරු ලෙස ඔහු කටයුතු කරන කල 1996 වසරේදී දේවස්ථානයේ දේව ගීතිකා කණ්ඩායමේ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

2017 වසරේදී වික්ටෝරියානු පොලීසිය විසින් මෙම චෝදනා ගොනු කර කාදිනල් George Pell හට විරුද්ධව නඩුව ගොනු කළේය.

කාදිනල් George Pell, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වික්ටෝරියානු පොලීසිය විසින් කාදිනල් George Pell හට එරෙහිව ගෙන ගිය මෙම ළමා අපයෝජන නඩුව මෑත කාලීන ලෝකයේ කතෝලික සභාවේ ඉහළම තනතුරක් දරන පූජකයෙකු හට විරුද්ධව ගෙන ගිය එකම නඩුව ලෙසද ඉතිහාසගත වේ.

ඊයේ (26/02) දිනයේ කාදිනල් George Pell වැරදිකරු බවට අධිකරණය තීන්දු කිරීමත් සමග ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමට ඔහුගේ නීතිඥයින් අද සූදානම් විය.

නමුත් ඔවුන් අද පෙරවරුවේ එම අදහස අත් හැරීමත් සමග කාදිනල් George Pell බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබුණි.

අද දිනයේ අධිකරණය අවට රැස්ව සිටි ජනතාව කාදිනල් George Pell පැමිණුන විට තම ආවේගයන් සහ වෛයිරය පිටකරමින් ඔහු වෙත බැන වදින්නට ද විය.

මේ අතර කාදිනල් George Pell ව වතිකානුවේ මුල්‍ය ප්‍රධානි තනතුරෙන් ඉවත් කළ බව වතිකානු රජය නිල වශයෙන් දැනුම් දී තිබේ.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now