SKIP TO MAIN CONTENT

බරපතල ලැව් ගිනි හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධ්‍යම කලාපයට දැඩි හානි.

Bush Fire
More than 850,000 hectares of New South Wales has already burned. Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

අනපේක්ෂිත ආකාරයෙන් පැතිර ගිය බරපතල ලැව් ගිනි හේතුවෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධ්‍යම කලාපයට දැඩි හානි සිදුව ඇතැයි වාර්තා වේ.

කිලෝ මීටර් 14 ක් පමණ පුරාවට පැතිරුණු මෙම ලැව් ගිනි Cobraball සිට Lake Mary, Bungundarra සහ Maryvale  දක්වා විහිදී ගිය බව සඳහන්.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වල නිවාස සහ දේපළ ගණනාවක් විනාශ වූ බවද වාර්තා වේ.

ලැව් ගිනි පැතිරීමට ඉඩ ඇති ප්‍රදේශ වල ජනතාවට ඒ පිළිබඳ අනතුරු ඇඟවීම් ඊයේ දිනයේදී සිදුකළ බව ක්වීන්ස්ලන්තයේ ගිනි සහ හදිසි සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ වන විටත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා ලැව් ගිනි 50 ක් පමණ ඇවිලෙමින් පවතින බවත් ඉදිරියේදීත් එවැනි වූ බරපතල තත්ත්ව හටගත හැකි බවත් ඔවුන් පවසයි.

මේ සියලු ලැව් ගිනි තත්ත්ව මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින් උත්සහ දරන බව ක්වීන්ස්ලන්තයේ ගිනි සහ හදිසි සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර කොමසාරිස් Michelle Young පැවසුවාය.

Bush Fire
Annastacia Palaszczuk - Premier of Queensland Source: AAP

මෙවර ලැව් ගිනි තත්ත්වය පෙර වසර වලට වඩා අසාමාන්‍යයි

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මෙවර ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්වය පෙර වසර වලට වඩා අසාමාන්‍ය බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Anastasia Palaszcuk පවසයි.

මේ වන විටත් ගිනි නිවීමේ සහ විපතට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා 35ක්, වාහන 350 ක් සහ ගිනි නිවන භටයින් 400 ක් පමණ යොදවා ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැතිනී Anastasia Palaszcuk පවසයි.

හෙට දිනය ඇතුළුව ඉදිරි සති වලදී මෙම ලැව් ගිනි තත්ත්වය වඩාත් බරපතල අතට හැරෙන බවට ද ඇය අනතුරු අඟවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now