SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ සාපරාධී නීතිය අද සිට වෙනස් වෙයි.

VIC criminal law amends from today.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සාපරාධී නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ නීති අද (08/05) සිට වෙනස් කෙරේ.

ඒ අනුව යම් සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු පසු නඩු පැවරීමකින් තොරව සතියක කාලයක් පොලිස් රැඳවුම් භාරයේ තබා ගැනීමට මෙම නව නීතිය යටතේ හැකියාව ලැබේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ බරපතල අපරාධ මැඩ පැවැත්වීමේ අරමුණින් ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්තයේ බල පැවැත්වෙන නීති සංශෝධනය කිරීමට සූදානම් වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 390 ක ප්‍රතිපාදන ඇස්තමේන්තු ගත කර තිබේ.

පසුගිය වසර වලදී වික්ටෝරියානු ප්‍රාන්තයේ සිරකරුවන් ප්‍රමාණය 7000 කට අධික ප්‍රමාණයක් වූ අතර තමන්ගේ නඩු පැමිණෙන තෙක් බොහෝ පිරිස් මෙසේ රැඳවුම් භාරයේ සිටින බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now