එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදු නොකර පක්ෂයේ වෙනසක් පිළිබඳ සිතිය නොහැකි බවත් එනිසාම පක්ෂයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට තමන් ඇතුළු මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (26/02) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
‘‘අත්දෙක බැඳලා පිහිනුම් තටාකයට දැම්මා වගේ වැඩක් මට කරලා තියනවා. රාජ්‍ය ඇමැති කියලා බෝර්ඩ් එකක් ගහලා මාව දාලා තියෙනවා. කිසිදු බලයක් නැහැ. කිසිදු දෙයක් කරන්න පුලුවන් කමක් නෑ. කිසිදු කෙනකුට රැකියාවක් දෙන්නවත් බැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ මේ නායකත්වය මේ පැත්ත බලන්නේ නැති නිසා ඉවත් වෙනවා කිව්වේ ඒකයි. අවාසනාවකට තවම අස්වීමේ ලිපිය බාරගෙන නෑ. මෙවැනි තත්ත්වයක් තුළ එජාපයට ඉදිරි ගමනක් නෑ. ඉදිරියට යනවා නම් එජාපයේ පූර්ණ වෙනසක් සිදු කළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වයේ. කැබිනට් සංශෝධන කළත්, වෙන කුමන පරපුරවල් හැදුවත් මේ පක්ෂය ඉදිරියට ගෙන යන්න පුලුවන් කමක් නෑ. " යනුවෙන් රංගේ බණ්ඩාර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දැක්වුවේය.
මෙම විශ්වාස භංගය ගෙන එන්නේ රටේම විශ්වාසය නැති පුද්ගලයාට එරෙහිව බව ද ඇමැතිවරයා පැවසුවේය.

