කෝඩු කාර ක්‍රෝඒෂියාවට අවසන් තරගයේදී සුපිරි ප්‍රංශය පරාජය කල හැකිවේද?

කෙසේ වෙතත් මේ වන විට බොහෝ විචාරකයින් සදහන් කරන ආකාරයට ප්‍රංශයට අවසන් තරගයේදී වැඩි වාසි ඇති අතර, නමුත් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රෝඒෂියාව දැක්වූ දස්කම් පිලිබදව සලකා බැලීමේදී අවසන් තරගය ඉතා තියුණු තරගයක් වනු ඇති.

 2018 World Cup - Croatia X England - Life in Croatia disputes the match as Maguire from England during the Lujniki stage during the 2018 World Cup championship. Photo: Ale Cabral / AGIF (via AP)

2018 World Cup - Croatia X England Source: Ale Cabral / AGIF

 

1966 වසරෙන් පසුව නැවතත් පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසකම් ලැබීමේ බලාපොරොත්තු සහිතව ක්‍රෝඒෂියාව සමග අවසන් පුර්ව තරගයට පිවිසි එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරමින් ගෝල 2ට 1ක් ලෙස ජයග්‍රහණය අත්කරගන්නට ක්‍රෝඒෂියානු කණ්ඩායම අද (ජුලි 12) උදැසන සමත් විය.

 

තරගයේ පළමු විනාඩි පහ තුලදී ගෝලයක් වාර්තා කල එංගලන්ත කණ්ඩායම 1 ට 0 ක් ලෙස ක්‍රෝඒෂියානු ක්‍රීඩක Ivan Perišić තරයේ 68 වැනි විනාඩියේදී වාර්තා කල ගෝලයත් සමගින් කණ්ඩායම් දෙකම ගෝල 1ට 1ක් ලෙස සමතත්වයේ පසුවිණි. පසුව තරගයේ 108 වැනි විනාඩියේදී ක්‍රෝඒෂියානු ක්‍රීඩක Mario Mandzukic වාර්තා කල ගෝලයත් සමගින් ක්‍රෝඒෂියාව අවසන් පුර්ව තරගය ජයගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් විය.

 

පස් වතාවක් පමණක් පාපන්දු ලෝක කුසලානයට   සහභාගී වී ඇති ක්‍රෝඒශියානු කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබූ ප්‍රථම වතාව මෙයයි.

 

තවද එංගලන්ත පාපන්දු කණ්ඩායම ප්‍රධාන තරගාවලි හතරකදී මෙලෙස අවසන් පුර්ව වටයෙන් තරගාවලියෙන් ඉවත්වීම කැපී පෙනෙන සිදුවීමක්. 1968 සහ 1996 වසර වල යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයෙන් ඉවත්වී ඇති එංගලන්තය 1990 වසරේ පාපන්දු ලෝක කුසලානයේදී අවසන් පුර්ව වටයේදී ජර්මනිය හමුවේ පරාජයට පත් විය. මේ වසරේදී බොහෝ ක්‍රීඩා ලෝලීන් එංගලන්ත කණ්ඩායම අවසන් තරගයට සුදුසකම් ලබනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියත් ක්‍රෝඒෂියානු කණ්ඩායමේ සුපිරි දක්ෂතා හමුවේ ඔවුන් මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් පුර්ව තරගයේදී පරාජයට පත් විය.

ප්‍රංශ - බෙල්ජියම් තරගයේ ජය ප්‍රංශයට

Players of France celebrate with fans after the FIFA World Cup 2018 semi final soccer match between France and Belgium
Players of France celebrate with fans after the FIFA World Cup 2018 semi final soccer match between France and Belgium Source: AAP

2018 පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පුර්ව තරගය ප්‍රංශය සහ බෙල්ජියම අතර පැවති අතර එම තරගයේ  ජය ගෝල 1ට 0ක් ලෙස ප්‍රංශයට අත් විය.

 

ප්‍රංශය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි වතාව මෙය වන අතර මීට පෙර 1998 සහ 2006 වසරවලදී ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත්විය.

 

1998 වසරේදී ප්‍රංශය බ්‍රසීලය පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශුරයින් බවට පත් වූ අතර 2006 වසරේදී ඉතාලිය හමුවේ පරාජයට පත්වීමෙන් ඔවුන්ට අනුශුරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.

 

අවසන් තරගයේ වැඩි වාසි කාටද ?

A view of the World Cup Luzhniki stadium in Moscow.
A view of the World Cup Luzhniki stadium in Moscow, Russia. Source: AAP Image/AP Photo/Pavel Golovkin

ප්‍රංශ කණඩායම මීට පෙර දෙවතාවක් පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුනත් මෙය ක්‍රෝඒෂියානු කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට මුහුණ දෙන ප්‍රථම වතාවයි.

 

 

තවද පාපන්දු තරග පිටිය තුල ඉහල පෙලේ තරගාවලි වන ලෝක කුසලාන තරගාවලිය 1984 සහ 2000 වසර වලදීUEFA යුරෝපිය ශුරතාවය, 2001 සහ 2003 වසරවලදී FIFA Confederations කුසලානය ; 1984  ඔලිම්පික් ආදී ශුරතාවයන් හිමි කරගන්නට මීට පෙර ප්‍රංශය සමත් වී ඇතත් ක්‍රෝඒෂියාව එවැනි කිසිදු ප්‍රමුඛ පෙලේ තරගාවලියක් ජයගන්නට මෙතෙක් සමත් නොවීමද විශේෂ සිදු වීමක්.

 

 

දැනට ජාත්‍යන්තර පාපන්දු සම්මේලන වර්ගීකරණය තුල ප්‍රංශය 7 වැනි ස්ථානයේ සිටින අතර ක්‍රෝඒෂියාවට හිමිව තිබෙන්නේ 20 වැනි ස්ථානයයි.

 

කෙසේ වෙතත් මේ වන  විට බොහෝ විචාරකයින් සදහන් කරන ආකාරයට ප්‍රංශයට අවසන් තරගයේදී වැඩි වාසි ඇති අතර, නමුත් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රෝඒෂියාව දැක්වූ දස්කම් පිලිබදව සලකා බැලීමේදී අවසන් තරගය ඉතා තියුණු තරගයක් වනු ඇති.

 

2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය ප්‍රංශය සහ ක්‍රෝඒෂියාව අතර එළබෙන ඉරිදා (15දා ) රාත්‍රියේදී ( ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 16 සදුදා අලුයම 1ට ) මොස්කව් නුවර Luzhniki ක්‍රීඩාංගනයේදී පවැත්වීමට නියමිතයි.


3 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now