SKIP TO MAIN CONTENT

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳවේ: 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

India captain Virat Kohli.
Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පුර්ව තරඟය ඊයේ දිනයේදී (10/07) මැන්චෙස්ටර් හි ඕල්ඩ් ටැෆෙර්ඩ් ක්රිදනගනයේදී ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්විණ. තරඟයෙන් ලකුණු 18ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් විය. ඒ අනුව ඉන්දියාව ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වෙයි.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහිදී නවසීලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 239 ක් වුනු අතර තරඟය අතරතුරදී වර්ෂාවෙන් බාධා එල්ලවිය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 221ක් පමණි.

විරාත් කෝලි ,ලෝකේෂ් රාහුල් සහ රෝහිත් ශර්මා නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා ගනිමින් සිටියදීයි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77ක් ගබා ගත් අතර මහේන්ද්‍රසිං දෝනිට ගබා ගත හැකි වූයේ ලකුණු 50ක් පමණයි. ඔහු දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මාටින් ගප්ටිල් සමත් වුයේය.

මේ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු අවසන් පුර්ව තරඟයෙන් ලකුණු 18 ක ජයක් ලබා අවසාන මහා තරඟයට තේරී පත්වීමට නවසීලන්තයට හැකිවිය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පුර්ව තරඟය අද දිනයේදී (11/07) ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතයි. එය බර්මින්හැම් හිදී ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.

The Best Places in Australia to Visit in July.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now