SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් නැවතත් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට.

Prime Minister Malcolm Turnbull has held on as leader defeating Peter Dutton by 13 votes in a party room vote.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් තම ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත්වී එය වෙනත් අයෙකු සඳහා පිරිනැමීමට අද (21/08) උදෑසන තීරණය කළේය.

කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ අද උදෑසන ආරම්භ වූ ලිබරල් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ඔහු මේ බව දැනුම් දුන්නේය.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, ලිබරල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවූ අතර ඔහු ලිබරල් නායකත්ව ගැටුමේ  ටර්න්බුල්ගේ ප්‍රතිවාදියා බවට පත්විය.

කෙසේවෙතත්, කැන්බරා නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේ ලිබරල් පක්ෂ කාර්යාලයේ දී මේ සඳහා රහස් ඡන්ද විමසීමක් පැවති අතර එයින් 48 - 35 ක් ලෙස වැඩි ඡන්ද 13 කින් ජයගැනීමට අගමැති ටර්න්බුල් සමත් විය.

ලිබරල් පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා Julie Bishop නැවතත් එම තනතුර සඳහා තේරී පත්වී තිබේ.

කෙසේවෙතත්, වෙනත් පුද්ගලයෙකු ලිබරල් පක්ෂයේ නායකයා ලෙස  පත්වුවහොත් ඔහු ඔස්ට්‍රේලියාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now