SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ඉන්දු - නවසීලන්ත තරගයටත් වැස්ස හරස් වෙයි.

ICC Cricket World Cup 2019
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 18 වන තරගය ලෙස ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

Nottingham හි Trent Bridge ක්‍රීඩාංගනයට ඇදහැළුණු වැසි නිසා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර පැය තුනකට පමණ පසුව පිටිය පරීක්ෂා කළ විනිසුරුවන් පන්දුවාර ප්‍රමාණය අඩුකර හෝ තරගය පැවැත්වීමට නොහැකි බව තීරණය කරමින් තරගය අතහැර දැමීමට තීරණය කළේය.

මේ හේතුවෙන් ඉන්දියාවට සහ නවසීලන්තයට ප්‍රසාද ලකුණු 01 බැගින් හිමි විය.

2019 ලෝක  කුසලාන තරගාවලියේ  වර්ෂාව නිසා අතහැර දැමුණු සිව්වන තරගය ලෙස මෙය වාර්තා වන අතර ලෝක කුසලාන ඉතිහාසයේ වර්ෂාව නිසා වැඩිපුරම තරග අතහැර දැමුණු තරගාවලිය ලෙසටද මෙය වාර්තා වේ.

ඒ අනුව මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Google

මේ අතර අද (14/06) දිනයේ එංගලන්තය සහ කොදෙව් දූපත් අතර තරගය පැවැත්වීමට නියමිතය.

එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now