SKIP TO MAIN CONTENT

කොදෙව් - ශ්‍රී ලංකා 3 වන ටෙස්ට් තරගය - ලංකාවට කඩුලු 4 ක ජයක්.

3rd Test (D/N), Sri Lanka tour of West Indies
Source: AFP

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ටෙස්ට් තරග මාලාවේ තුන්වන හා අවසන් ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (26/06) සමත් විය.

තුන්වන දිනය (25/06) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 කට ලකුණු 81 ක් ලබා සිටියේ ජයග්‍රහණයට ලකුණු 63 ක් පිටුපසිනි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ දිල්රුවන් පෙරේරා (23) සහ කුසල් ජනිත් පෙරේරා (28) නොදැවී ශ්‍රී ලංකාව ජය මාවතට ගෙන ගියෝය.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4 ක්ද කසුන් රජිත කඩුලු 3 ක්ද බිඳ හෙළීය.

කොදෙව් පිළේ කඩුලු රකින ක්‍රීඩක Shane Omari Dowrich ලකුණු 71 ක්ද නායක Jason Omar Holder ලකුණු 74 ක්ද ලබා ගත්තේය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 154 ක් ලබා ගත්තේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 42 නිරෝෂන් දික්වැල්ල විසින් ලබා ගන්නා ලදී.

දෙවැනි ඉනිම ඇරඹු කොදෙව් කණ්ඩායම ලකුණු 93 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 3 බැගින්ද ලහිරු කුමාර කඩුලු 2 ක්ද ලබා ගත්තේය.

ජයග්‍රාහී 143 ක ලකුණු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල කඩුලු 6 කට ලකුණු 144 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.

තරගයේ වීරයා සම්මානය කොදෙව් පිළේ Jason Omar Holder හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now