ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල අශ්‍රිතව සිදුවන ලිංගික හිංසන ක්‍රියා මැඩලීමට ක්‍රියාත්මක ක්‍රමවේදයන් තව දුරටත් කාර්යක්ෂම කරන ලෙස විශ්වවිද්‍යාල වෙත උපදෙස් ලබාදී ඇති බව සදහන්. අදාල ලිංගික හිංසන ක්‍රියා මැඩලීම ඉලක්ක කර ගනිමින් Universities Australia සංවිධානය සකස් කල නව උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මේ පිලිබදව අදහස් දක්වන සමහරක් ක්‍රියාකාරිකයින් පවසන්නේ මෙම උපදෙස් මාලාව අදාල ගැටලුවට විසදුම් සෙවීමට තරම් ශක්තිමත් නොමැති බවයි.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම එළි දැක්වූ වාර්තාවකට අනුව සදහන් වුනේ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල 39ක ශිෂ්‍යයින් 5 දෙනෙකු 2016 වසරේ ලිංගික හිංසන ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වී ඇති බවයි.

