එළඹෙන ගිම්හාන ඍතුවේදී වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 1.3 කට විදුලිය අහිමිවන ලකුණු.

Power cuts may hit as many as 1.3 million Victorian homes this summer

Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස මිලියන 1.3 ක් පමණ එළඹෙන ගිම්හාන ඍතුවේ අධික උණුසුම් කාලගුණය තුළ විදුලිය නොමැතිව සිටීමේ අවදානමට ලක්වනු ඇතැයි වාර්තාවේ.

එළඹෙන ගිම්හානය සඳහා බලශක්ති වෙළඳපොළ ක්‍රියාකාරිත්ව සඳහා වන පුරෝකථනයන් මඟින් මෙම අවධානම පිළිබඳව කරුණු හෙළිකොට ඇත.

මේ හේතුවෙන් ප්‍රාන්තයේ ගල් අඟුරු සහ ගෑස් බලාගාර උපරිම විදුලි පරිභෝජනයක් ඇති කාල සිමා වලදී නියමිත පරිදි සේවා සඳහා සුදානම් කොට තැබීම අත්‍යවශ්‍ය බවද මෙම පුරෝකථනය මඟින් තවදුරටත් පෙන්වා දෙනු ලබා ඇත.

යල් පිනූ ගල් අඟුරු බලාගාර සැලසුම් රහිතව වසා දැමීමේ අවදානම හේතුවෙන් අවශ්‍ය බලශක්ති සැපයුම සපිරීමට නොහැකි වීමෙන් බලශක්ති වෙළඳපොළ පිළිබඳව ඇති පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මෙම වික්ටෝරියා ප්‍රාන්ත බලශක්ති පුරෝකථන වාර්තාවෙන් අනතුරු අඟවා සිටී .


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now