ලිබරල් සන්ධාන රජයේ පාලනය කාලය තුළ ඔස්ට්‍රේලියාවේ බලශක්ති ගාස්තු 158% කින් ඉහළ ගොස් ඇති බව හෙළිවෙයි.

power prices have increased by 158 per cent since 2015 in Australia.

Source: AAP

ලිබරල් සන්ධාන රජයේ පාලනය කාලය තුළ ඔස්ට්‍රේලියාවේ බලශක්ති ගාස්තු ඉහළ ගොස් ඇති බව කම්කරු පක්ෂය චෝදනා කරයි.

වසර 2015 සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ බලශක්ති ගාස්තු 158% කින් ඉහළ දැමීමට ලිබරල් සන්ධාන රජය කටයුතු කර ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

මේ සමග National Energy Guarantee වැඩසටහන නැවත පිහිටවනු ලෙස විපක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍ය Angus Taylor හට කියා සිටී.

National Energy Guarantee වැඩසටහන හරහා වසරකදී එක් නිවසකට තම බලශක්ති ගාස්තු වලින් $550 ක මුදලක් ඉතිරිවන බව පැවසේ.

බලශක්ති ගාස්තු ඉහළ නැගීම නිසා ඔස්ට්‍රේලියානුවාසී පවුල් සහ ව්‍යාපාර දැඩි පීඩාවට පත්ව ඇතැයි බලශක්තිය පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිත Mark Butler පවසයි.

තමන්ගේ පොරොන්දු ඉටුකරමින් බලශක්ති ගාස්තු අඩු කරන ලෙස ඔහු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ බලශක්ති අමාත්‍ය Angus Taylor හට කියා සිටී.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now