SKIP TO MAIN CONTENT

ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාව තුල මරණයට පත් සංඛ්‍යාව 35 දක්වා ඉහළ නගියි

The 2018 flu season was mild but there have been more cases of influenza over summer than usual.
Source: kurhan/Shuttestock

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ඉන්ෆ්ලුවෙන්සා රෝගය දකුණු ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වීම නිසා මරණයට පත් වූ සංඛ්‍යාව 35 දක්වා වැඩි වී තිබෙයි.

වාර්ථාවුනු මරණ අතරින් බහුතරයක් වැඩිහිටියන් වන අතර එක් අයෙකු යොවුන්වියේ පසුවන්නෙකු බවද සඳහන් වෙයි.

දකුණු ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දේපාර්තුමේන්තුව පවසනුයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් 15,500 වාර්තා වූ බව හා පසුගිය වසරේදී එම කාලය වන විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් 1,400 වාර්තා වී තිබූ බවයි.

එසේම මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් 52,625 වාර්තා වී තිබෙයි. 2018 වසරේදී වාර්ථාවුනු මුළු ඉන්ෆ්ලුවෙන්සා රෝගය හා සම්බන්ධ සිද්ධීන් ගනණ 58,848කි.

මැයි 25 වනදා වන විට වාර්තා වූ තොරතුරු වලට අනුව ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තය තුල මරණයට පත් සංඛ්‍යාව 26කුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල මරණයට පත් සංඛයාව 37කුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල මරණයට පත් සංඛ්‍යාව 25ක් බව වාර්තා වෙයි.

Flu deaths
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now