SKIP TO MAIN CONTENT

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු නැවත ශ්‍රී ලංකාවට පිටත් කර හැරේ.

Sri Lankan asylum seekers
Source: Supplied

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කර ඇති බව වාර්තා වේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස රැගත් නීති විරෝධී යාත්‍රාව ඔස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබියදී අතර මගදී එය හසුකරගෙන ගැනීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක අංශ සමත්වී තිබේ.

එම යාත්‍රාවේ සිටි පිරිස අතරේ කුඩා බිළිඳෙකු ද සිටි බව The Australian පුවත්පත වාර්තා කරයි.

සරණාගත රැකවරණය පතා පැමිණි බව පැවසෙන මෙම පිරිස දින කිහිපයක් Christmas දූපතේ රඳවා තබා අනතුරුව ඊයේ (29/05) දිනයේදී විශේෂ ගුවන් යානයකින් ඔවුන් කොළඹ වෙත පිටත් කළ බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now