Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ සිටින අයට මුලින්ම ලැබෙන කොරෝනා එන්නත කුමක්ද?

Picture shows illustration for the coronavirus vaccine

A Covid-19 vaccine being developed by Pfizer and Germanys BioNTech has been found to be more than 90 per cent effective Source: Igor Kralj/PIXSELL/AAP

මෙම වසර තුලදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසකට AstraZeneca එන්නත ලබාදීමට හැකි වන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කොට තිබේ.

එමෙන්ම Pfizer එන්නත් මාත්‍රා මිලියන 10ක් පමණ ද ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව තිබේ.

මෙම එන්නත් ඔස්ට්‍රේලියාව තුල භාවිත කිරීම සඳහා අවසර ලබාදීම පෙබරවාරි මසදී සිදු වීමට නියමිත අතර මෙහිදී නිරෝධායන මධ්‍යස්ථාන සේවකයින්, සෞඛ්‍ය සේවකයින්, වයස්ගත පිරිස සහ අඩු ප්‍රතිශක්තිකරණයක් සහිත පිරිස සඳහා එන්නත පළමුවෙන් ලබා දීමට නියමිතව තිබේ.

මේ අතර එන්නත් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුල තරුණ කාන්තාවන්, සංක්‍රමණිකයින් සහ ආදිවාසි ජනතාව දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 24ක අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

මෙම පිරිස කොරෝනා එන්නත් හි පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසු වීම මෙම නව වැඩසටහන සඳහා හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව තුල වෙසෙන සෑම පුද්ගලයකු සඳහාම එන්නත සම්බන්ධයෙන් වන පණිවුඩය සුදුසු භාෂාවකින් හෝ තම භාෂාවෙන් යාම ඉතා වැදගත් වන බවයි.


1 min read

Published

Updated

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now