SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව බලා ආ ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් බෝට්ටුවක් අත්අඩංගුවට ගැනේ

A refugee boat arrives
A refugee boat arrives Source: AP Image/NEWZULU/OLLI WALDHAUER

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් බෝට්ටුවක් ඉන්දියන් සාගරයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

The Australian පුවත්පත මේ පිළිබඳව වාර්තා කොට ඇති අතර එහි පලව ඇති පරිදි මෙම යාත්‍රාවේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිටි ඇත. එය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මෙම ගිවීගිය සති අන්තයේදී ඉන්දියන් සාගරයේදී අල්වාගෙන තිබේ.

වාර්තාවන පරිදි මෙම යාත්‍රාවේ සිටි පිරිස නැවතත් කොළඹ බලා රැගෙන යාමට පෙර පරීක්ෂණ කටයුතු සඳහා Christmas දූපතට ගෙන යාමට නියමිතව තිබිණ.

මෙහි මෙහෙයුම් කටයුතු පිළිබඳව අදහස් දැක්වීම ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තාවේ.

“ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තිය වන්නේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ළඟා වීමට අපේක්ෂා කරන ඕනෑම යාත්‍රාවකට බාධා කිරීම සහ රජයේ ගුවන් පහසුකම් මඟින් ඔවුන් පැමිණි ස්ථානයට හෝ උපන් රටට ආරක්ෂිතව ආපසු යැවීමයි” යනුවෙන් පීටර් ඩටන් අමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් පැවසීය.

"Operation Sovereign Borders"නම් වන ලිබරල් සන්ධාන ආණ්ඩුවේ දේශසීමා මෙහෙයුම යටතේ, නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාවක් නැත."

මේ වසරේ මැයි මසදී පැවැත්වුණු ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඕස්ට්‍රේලියාවට පැමිණි තුන්වන සරණාගත බෝට්ටුව මෙය බව ද වාර්තාවේ.

 Source - The Australian/ SBS News room

.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now