ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම පිළිබඳ අද තීරණාත්මක සාකච්ඡාවක්

A past committee member is to be appointed as the Chairman of the Sri Lanka Cricket Selection Committee

Source: Facebook/ Daily News

කොරෝනා වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු විශාලතම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය  සම්බන්ධව සෞඛ්‍ය නීති රෙගුලාසි උපදෙස් සහ අනුමැතිය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (04/08) සිදු කිරීමට නියමිතය.

අගොස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70ක් සහ මුල්පෙළ පුහුණුකරුවන් 10 දෙනකු සහභාගී වීමට නියමිතය.

සෞඛ්‍ය බලධාරීන් සමග සිදු කෙරෙන සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භක දිනය වෙනස් වීමට ද ඉඩකඩ ඇතැයි වාර්තා වේ.

තරගාවලිය සඳහා සහභාගි වන විදෙස් ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට කටුනායක ගුවන් තොටුපළ යළි විවෘත කිරීම ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අගොස්තු මස 1 වැනිදා යළි විවෘත කිරිමට තීරණය වී තිබූ නමුත් නැවත එය කල් ගියේය.

කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෑම කණ්ඩායමකටම ජාත්‍යන්තර ක්‍රීඩකයන් 6දෙනකු ඇතුළත් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ගිවිසුම්ගත ක්‍රීඩකයන් 79ක් අතරින් තෝරාගත් ක්‍රීඩකයන් සමග පළමුපෙළ ක්‍රීඩා සමාජවලින් තෝරාගත් දේශීය ක්‍රීඩකයන්ගේ දායකත්වය ද  මෙම කණ්ඩායම් සඳහා ලැබෙනු ඇත.

දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර, එම තරග ආර්.ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ, පල්ලෙකැලේ සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now