SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා යෝජිත පනතේ සංශෝධන නව වසරේදී විවාදයට ගැනීමට තීරණය කෙරේ.

Same-sex marriage
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පවතින විවාහ නීතිය සංශෝධනය කිරීමේදී ආගමික නිදහස ආරක්ෂා කිරීම උදෙසා විවාහ පනතෙන්  පිටත වෙනමම පනතක් ගෙන ඒමට විපක්ෂය රජයට කියා සිටියි.

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා යෝජිත පනත ඊයේ දිනයේ ඔස්ට්‍රේලියානු සෙනට් සභාවට ඉදිරිපත් කෙරිණි.

ලිබරල් පක්ෂයේ සෙනට් සභික Dean Smith විසින් මෙම යෝජිත පනත සෙනට් සභාවට ඉදිරිපත් කළේය.

නමුත් ආගමන කටයතු පිළිබඳ අමාත්‍ය Peter Dutton එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර විවාහ මංගල සේවා සපයන සමාගම් හා සේවා ස්ථාන වලට අවශ්‍ය නම් සමලිංගික විවාහ සඳහා තම භාණ්ඩ හා සේවා සැපයීමෙන් වැළකී සිටීමට හැකි යනුවෙන් යෝජනා කළ සංශෝධනයද සෙනට් සභාවේදී ඉවත දැමීය.

මෙම පනතේ ගැටළු  විවාදයට ගැනීම නව වසරේදී සිදු කළ යුතු බව අමාත්‍ය Peter Dutton පැවසීය.

අමාත්‍ය Peter Dutton ගේ ප්‍රකාශය තමන් එක හෙළා අනුමත  කරන බවත් එයින් පෙනී යන්නේ එම ගැටළු නිරාකරණය කරගැනීම සහ සංශෝධන ඉදිරිපත් කිරීම ඉතා සංයමයෙන් සිදු කළ යුතු බව ඔහු දකින ආකාරයක් බවත් කම්කරු පක්ෂයේ නීති කටයුතු පිළිබඳ නියෝජිත Mark Dreyfus, ABC පුවත් සේවයට පැවසීය.

මේ වසර අවසානයට පෙර මෙම යෝජිත පනත පහළ මන්ත්‍රණ සභාවට ඉදරිපත් කර සම්මත කරගැනීමට ඇති හෙයින් සෙනට් සභාව විසින් මෙය නොවැම්බර් අවසානයට පෙර සම්මත කරගත යුතු වේ.

කෙසේවෙතත්, මෙම යෝජිත පනත පහළ මන්ත්‍රණ සභාවේදී දෙසැම්බර් 7 වන දිනට පෙර සම්මත වේ යැයි නීතිපති George Brandis විශ්වාසය පළ කරයි.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now