2018-19 යන වසර අවසානය වන විට ඔස්ට්‍රේලියාව තුල සක්‍රීය buy now, pay later ගිණුම් මිලියන 6.1කට වැඩි සංක්‍යාවක් තිබු අතර එමගින් ඩොලර් බිලියන 5.6ක් පමණ භාණ්ඩ මිලදී ගැනීමට එම ගිණුම් හිමිකරුවන් යොමුව තිබේ.
මෙම තත්වය මත buy now, pay later ගිණුම් කිහිපයක් පවතින පුද්ගලයින් සිය ණය කළමනාකරණය කරගැනීමට අපහසු වීම හරහා දැඩි මුල්‍ය අර්බුදයකට පත්වීමේ අවදානමක් මතුව තිබේ.
ප්‍රධාන කරුණු
- Buy now, pay later ඔස්ට්‍රේලියාව තුල නියාමනය කොට නොමැති අතර ඒ මගින් පාරිභෝගිකයා හට අඩු අයිතීන් පවතී
- මෙම සේවාව මගින් ගනුදෙනු කරන පිරිසෙන් 21%කට පමණ සිය මුල් මස 12ක කාලය තුලදී ආපසු ගෙවීම මගහැරීම මත ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වන බව ASIC වාර්තාවක් පෙන්වා දේ
- මෙම සේවාව බුක්ති විඳින පිරිසෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් මෙම සේවාවෙන් මිලදී ගැනීම් කිහිපයක් සිදු කොට තිබේ
Buy now, pay later යනු කුමක්ද?
මෙම සේවාව මගින් ඔබ දැන් සිදු කරන මිලදී ගැනීමකට කිසිදු පොලියකින් තොරව වාරික වශයෙන් පසුකාලීනව මුදල් ගවීමට හැකියාව පවතී.
පසුකාලීන මුදල් ගෙවීම් සිදුකිරීමට හැකි වෙනත් සේවාවන් අභිබවා මෙම buy now, pay later සේවාව මේ වනවිට ඉදිරියට පැමිණ තිබේ.
මෙම සේවාව සපයන්නන් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියාව තුල මේ වනවිට සිටී. ඔවුන් සිය පාරිභෝගිකයින් හට ඩොලර් 30,000ක් දක්වා වටිනාකමින් යුත් භාණ්ඩ ගැනීමටත් එම මුදල් නැවත ගෙවීමට සති කිහිපයක සිට වසර 5ක් දක්වා කාලය ලබාදීමටත් කටයුතු කරයි.

මෙලෙස පොලී රහිත ණයක් ලබාගැනීම මෙම සේවාව භාවිත කරන්නන් හට ආකර්ශනීය විකල්පයක් වන නමුත් සිය ණය ආපසු ගෙවීම මගහැරුණහොත් ඔවුනට ඉහල ගාස්තු ගෙවීමට සිදු වේ.
ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිෂන් සභාවේ වාර්තාවක් පෙන්වා දෙන්නේ 2018-19 දී මෙම සේවාව භාවිතා කළ පුද්ගලයින්ගෙන් 21%කට පමණ සිය ණය ආපසු ගෙවීම මගහැරීම මත ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවයි. එය එම වසර තුලදී පමණක් ඩොලර් මිලියන 43ක් ලෙස වාර්තා වේ.
ණය බරට ඇදවැටීම
මුල්‍ය උපදේශකවරයකු වන Deb Shroot පවසන්නේ මෙය ඔස්ට්‍රේලියාව තුල නියාමනය නොකළ කර්මාන්තයක් වන බැවින් මෙහිදී පාරිභෝගිකයින් හට පවතින ආරක්ෂාව සීමිත වන බවයි.
එමෙන්ම සෙසු ණය ලබාදෙන සේවාවන් වගකිවයුතු ලෙස ණය ලබාදෙන නීතීන් යටතේ පවතින බවද ඇය පවසයි.
Buy now, pay later සේවාව තුල ගැනුම්කරුවාට එකවර මිලදී ගැනීම් කිහිපයක් සිදු කිරීමට පහසුකම් පවතී. මෙමගින් ඔවුන් නොදැනුවත්වම දැඩි මුල්‍ය අර්බුදයකට ඇදවැටීම සිදු වේ.
මෙලෙස විවිධ මිලදී ගැනීම් සඳහා වන ණය නැවත ගෙවීමේදී එම ණය ගෙවීම් කළමනාකරණය කිරීමට බොහෝවිට දුෂ්කර වේ. ඒ ඔස්සේ එම සේවාව භාවිත කරන්නා හට සිදුවිය හැකි ගෙවීම් මගහැරීම මත ප්‍රමාද ගෙවීම්ද සිදු කිරීමට සිදු වේ.
එමෙන්ම, විශේෂයෙන්ම ඔබ මෝටර් රථයක් හෝ නිවසක් සඳහා ගෙවීම් සිදුකිරීමේදී ඒ සඳහා ඔබට පවතින හැකියාව සහ යෝග්‍යතාවය සම්බන්ධයෙන්ද අවධානය යොමු කල යුතු වේ.
වෙනත් ඕනෑම ණයක් මෙන් ඔබට නැවත එම ණය ගෙවීමට නොහැකි වුවහොත්, ඔබ ණය ගෙවීම පැහැරහැරීමක් වශයෙන් "ණය වාර්තා කිරීමේ කාර්යාංශය" වෙත වාර්තා කිරීමට ඇතැම් සමාගම් කටයුතු කිරීමටද ඉඩ පවතී.
එලෙස සිදු වුවහොත් එය ඔබේ Credit score හෙවත් "ණය ළකුණු" සඳහා සෘජු ලෙසම බලපාන බව Financial Counselling Australia හි ප්‍රධාන විධායක නිලධාරි Fiona Guthrie පවසයි.
එමෙන්ම Deb Shroot පෙන්වා දෙන්නේ මෙම buy now, pay later සේවාව සපයන සෑම සමාගමක්ම මෙලෙස ක්‍රියා නොකරන නමුත් මෙම සේවාව ලබාගැනීමෙන් පසු එම ණය තවදුරටත් පියවීමට තිබෙන පුද්ගලයින්ගේ, නිවාස ණයක් හෝ මෝටර් රථ ණයක් ලබාගැනීමට කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප විය හැකි බවයි.

මෙම buy now, pay later සේවාව ලබාගෙන, පසුව එම ණය පියවීමට නොහැකි වූ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම එක් අයකු සිය කුලී ගෙවීම් හෝ ආහාරපාන සඳහා වන ගෙවීම් සිදු කිරීමට නොහැකිව සිටින බව ASIC වාර්තාවක් පෙන්වා දී තිබේ.
National Debt Helpline හි මූල්‍ය උපදේශක Kirsty Robson පවසන්නේ බොහෝ පිරිසක් සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මෙම සේවාව භාවිත කොට ඇති බවයි. එමගින් දැඩි මූල්‍ය අර්බුදයකට පත්වීම මත ඔවුන් එම ණය පියවීමට තමන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන මුදල්ම නැවත වැය කරන බව ඇය පවසයි.
මේ සඳහා පිලියමක් වශයෙන් විශේෂඥයන් පෙන්වා දෙන්නේ එකවර, එක් මිලදී ගැනීමක් හෝ දෙකක් සඳහා පමණක් ලියාපදිංචි වීම සිදු කොට එම ණය නිසි දිනට නැවත ගෙවීමට කටයුතු කලයුතු බවයි.
ඔබ ඔබේ ණය කළමනාකරණය කර ගැනීමට අපහසුතාවයක සිටී නම් 1800 007 007 අංකය ඔස්සේ National Debt Helpline අමතන්න.
වැඩි විස්තර ලබාගැනීමට, රජයේ Money Smart වෙබ් අඩවියට පිවිසෙන්න
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහල සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න)

