SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පවතින පවුල් නීති පද්ධතිය පිළිබඳ වසර 40 කට පසුව පූර්ණ සමාලෝචනයක්.

Australian family law system.  
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පවතින පවුල සම්බන්ධ නීති පද්ධතිය පිළිබඳ වසර 40 කට පසුව පූර්ණ සමාලෝචනයක් සිදු කිරීමට යයි.

ඔස්ට්‍රේලියානු නීති ප්‍රතිසංස්කරණ  කොමිසම විසින් මෙම සමාලෝචනය ලබන ඔක්තෝබර් 01 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

පවුලක දරුවන් ගේ සුරක්ෂිතතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, පවුල් හිංසනය, ළමා අපයෝජන, පවුල් සහය  සහ පවුල් ආරවුල් වැඩි වියදමකින් තොරව ඉතා ඉක්මණින් සහ ආරක්ෂිතව විසඳා ගැනීම යන කරුණු පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වෙයි.

මෙම සමලෝචනය දීර්ග කාලයක පටන් මග හැරී තිබූ බවත් එය වර්තමානයේ අත්‍යවශ්‍ය බවත් නීතිපති George Brandis පැවසීය.

මේ පිළිබඳ පසුගිය කාලයේදී තමන් සැම විටම හඬක් නැගූ බවත් අගමැති ටර්න්බුල්ට පවා මේ පිළිබඳ තමන් පැවසූ බවත් One Nation පක්ෂයේ නායිකා Pauline Hanson, චැනල් සෙවන් නාලිකාවට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now