SKIP TO MAIN CONTENT

2021 ජූලි 13: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 89 ක් සහ එක් කොරෝනා මරණයක්

More than five million people in Greater Sydney and its surrounds have gone into a 14-day lockdown as health authorities try to regain control of a coronavirus outbreak.
NSW Premier Gladys Berejiklian Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බවත් එක් කොරෝනා මරණයක් වාර්තා වූ බවත් නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මිය ගිය පුද්ගලයා 70 වන වියෙහි පසුවූ නැගෙනහිර සිඩ්නි කලාපයේ වැසියෙකි.

ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 24 දෙනෙකු හට වයිරසය ශරීරගත වී ඇත්තේ සමාජය තුළින්ම බවත් වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රජාව අතරින් හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 0 හෝ ඊට ආසන්න මට්ටමකට එනතෙක් සිඩ්නි lockdown නීති ඉවත් නොකරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 65 ක් රෝහල් ගත කර ඇති බවත් එයින් 21 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

ඊයේ දිනයේදී (12/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,055 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,749 ක් ලබා දී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now