ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය පිලිබඳ වාර්තාමය DVD තැටියක් (SBS සිංහල / වාර්තා)

Alston with Cricket Legend Neil harvey

Source: Daily News

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය මීට පෙර විවිද පොත් පත් ලියවිලි , පුවත් පත් ආදියෙහි සටහන් වී තිබුනත් ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු විසින් එම තොරතුරු ඩිජිටල් තාක්ෂණයට එක්‌  කොට තිබෙනවා. Legends Who Helped Sri Lanka To Gain Test Status” යන නමින් විනාඩි 120ක් පුරා දිවෙන මෙම DVD එක තුල ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා ගැනීමේ මාර්ගය සාදා දුන් ප්‍රවීණ, දැනට ජීවතුන් අතර සිටින ක්‍රීඩකයන් සමග කල සම්මුක සාකච්චා 24ක් ඇතුලත් වේ.

මෙය නිෂ්පාදනය කොට ඇත්තේ සිඩ්නි නුවර ඕල්ස්ටන් මහදේවන් මහතා විසින් .ඔහු 1960 ගණන් වල සිටීම ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය පිළිබඳව තොරතුරු රැස කරන අතර මේ වන විට ඔහු ළඟ ඒ පිලිබඳ ග්‍රන්ථ 500ක් ඇති බවයි ඔහු පවසන්නේ. ඔහු Australian Cricket Society (NSW) ට එක්වීමත් සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිලිබඳ එතරම් පොත පත හා වෙනත් තොරතුරු හිඟ කම පිළිබඳව ඔහුට වැටහී තිබෙනවා. ABC හා BBC ආදී ආයතන මගින් ඉදිරිපත් කරන වාර්තා වැඩසටහන් නැරඹීමෙන් පසුව ඔහුට එම ප්‍රමිතියේ නිර්මාණයක් කිරීමට  අදහසක් ඇති වී තිබේ.

ඒ නිසා මෙම ප්‍රවීණ ක්‍රීඩකයන් ජීවත්ව සිටියදීම ඔවුන්ගේ හඩින්  මෙම තොරතුරු පටි ගත කරමින් මෙම DVD එක එලි දක්වා තිබේ. මහදේවන් මහතා මහනුවර  ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදී සිසුවෙක්. වෘත්තියෙන් සිඩ්නි නුවර  ගනකාධීවරයෙකු ලෙස සේවය කරනවා. ඔහු ශ්‍රී ලංකාවේ 1930 ගණන් වල සිට කිර්කට් ඉතිහාසය , එකල ක්‍රීඩා කල Bertie Wijesinha මහතා ගේ තොරතුරු සමගින් 1982 ප්‍රථම ටෙස්ට් තරඟය දක්වා මෙහිදී ඉදිරිපත් කොට තිබේ. මෙහි පිටපත හා නිෂ්පාදනය , සාකච්ඡා පැවැත්වීම මහදේවන් මහතා විසින්ම සිදු කොට තිබේ.

cricket
Source: ceylon cricketers-facebook

ඔහු ගේ අදහස මෙම DVD එකෙන් ලැබෙන ආදායමින් ප්‍රවීණ ක්‍රීඩකයන්ට යම් සහයක් ලබා දීමටයි. ඔහු මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාල මහතා සමගද කතා බස් කොට තිබේ.

මෙම නිර්මාණය ලංකාවේ ක්‍ර්කට් ඉතිහාසය පිලිබඳ උනන්දු කාටත් වටිනා තොරතුරු රැසක් ලබා දෙනු ඇති.

ඒ පිළිබඳව SBS සිංහල වැඩසටහන මහදේවන් මහතා සමග ගෙන එන සාකච්චාවක් ලගදීම බලාපොරොත්තු වන්න.

 

 


Share

2 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now