SKIP TO MAIN CONTENT

මෙල්බන් නගර සභාවකින් ඓතිහාසික තීන්දුවක්.

Melbourne council drops Australia Day citizenship ceremonies
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජනවාරි 26 වන දිනට යෙදෙන “ඔස්ට්‍රේලියා දිනය” තුළ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනමන උත්සව සහ ඒ හා සම්බන්ධ සැමරුම් උත්සව නොපැවැත්වීමට මෙල්බන් හි Yarra City නගර සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් හට කෙරෙන ගෞරවයක් ලෙස මෙම තීරණය ගත් බව පැවසේ.

ඒ අනුව 2018 වසරේ පටන් මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

සියලුම නගර සභාවල මන්ත්‍රීවරුන් බහුතරයක් මෙම යෝජනාවට එක හෙළා ඡන්දය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධව සමාජයේ ජනමතය පිළිබඳ සමීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධව සුළු පිරිසක් එහිදී අදහස් පළ කළේය.

මෙය ඓතිහාසික තීරනයක් බවත් ස්වදේශික ජනතාව පිළිබඳ සමාජය දැනුවත් කිරීමට මේ දිනය යොදාගත යුතු බවත් නාගරික මන්ත්‍රිනී Mi-Lin Chen Yi Mei පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now