SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා පොකුරක් සොයා ගැනේ

Sydneys northern beaches remains under a NSW Government ordered lockdown as the Government tries to contain the spread of a new cluster of COVID-19 cases.
Sydneys northern beaches remains under a NSW Government ordered lockdown as the Government tries to contain the spread of a new cluster of COVID-19 cases. Source: AAP

1 min read

Published

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා පොකුරක් සොයා ගැනේ. වැඩිහිටියන් තිදෙනෙකු සහ ළමුන් තිදෙනෙකු ඇතුලත් එකම පවුලක පුද්ගලයින් 6 දෙනෙකු හරහා මෙම නව පොකුර හඳුනාගෙන ඇති අතර එය Croydon පොකුර ලෙසට නම්කොට තිබේ. මෙම නව පොකුර මඟින් දැනටමත් සිඩ්නි හි නිරිත සහ බටහිර කලාපයේ පවුල් තුනක පුද්ගලයින් හට කොරෝනා ආසාදනය පැතිර ඇතැයිද වාර්තා වේ.

එසේම Wollongong ප්‍රදේශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු සහ උතුරු සිඩ්නි ප්‍රදේශයෙන් එක පුද්ගලයෙකු හරහා හඳුනාගත් තවත් කොරෝනා අසාදිත තත්ව පිළිබඳව ද විමර්ශනය කෙරෙමින් පවතී.

මේ අතර සිඩ්නි හි නව වසර උදාවීම සඳහා පවත්වන සැමරුම් උත්සව සහ සාද සඳහා නව සිමා පනවා තිබේ. ග්‍රේටර් සිඩ්නි කලාපයේ ගෘහාශ්‍රිත ඒකරාශී වීම් සඳහා නිවෙසකට කැඳවා ගත හැකි පුද්ගල සංඛ්‍යාව 5 දක්වා සීමා කොට ඇති අතර එළිමහන් ස්ථාන වල රැස්විය හැකි සංඛ්‍යාව 30 දක්වා සිමා කොට තිබේ.

කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති Northern Beaches කලාපයේ එළිමහන් ස්ථාන වල රැස්විය හැකි සංඛ්‍යාව 5 දක්වා අවම කොට ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now