ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා පිළිබඳ මහජන අදහස් විමසීමට යෝජනා පත්‍රයක් : අවසන් දිනය 2016 ඔක්තෝබර් 31 (SBS සිංහල/වාර්තා)

දෙමාපියන් හට තම දරුවන් සමග එක් වීමට මේ වන විටත් ආකාර කිහිපයක දෙමාපිය වීසා හඳුන්වා දී තිබෙන නමුත් වසර 5ක කාලයක් නොකඩවා ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමේ නව වීසා ක්‍රමයක් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා මහජනතාවගෙන් මෙසේ අදහස් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව මෙම නව වීසා ක්‍රමය ඔස්සේ සමාජයට සහ විවිධ ප්‍රජාවන්ට එය බලපාන අයුරු රජයට දැන්වීමෙන් මෙම නව වීසා ක්‍රමයේ සාර්ථක මුහුණුවර හඳුනාගැනීමට හැකිවනු ඇති බවද රජය විශ්වාස කරයි. originally published - 23.9.2016 republished - 23.10.2016

Introducing a temporary visa for parents

Source: Getty Images

ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලැබූ සහ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන්ගේ දෙමාපියන් ගෙන්වා ගැනීමට අදාළ new Parents Visa නොහොත් නව දෙමාපිය වීසා සඳහා මහජන අදහස් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝජනා පත්‍රයක් (Discussion Paper) එළි දක්වා තිබේ.

දෙමාපිය වීසා යටතේ නොකඩවා වසර 5ක් තම පවුලේ උදවිය සමග ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට මෙම නව වීසා ක්‍රමය සම්මත වූ විට හැකිවනු ඇති බව සඳහන්. පසුගිය මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් රජය 2016 ජුනි 21 වන දින මේ සම්බන්ධව ඡන්ද පොරොන්දුවක්ද ලබා දී තිබුණි.

යෝජනා පත්‍රයේ අරමුණ

ඔස්ට්‍රේලියානු රජය විශ්වාස කරන පරිදි ඔස්ට්‍රේලියාවේ වෙසෙන තම දූ දරුවන් සමග වාසය කිරීමට හෝ බැහැ දැකීමට එම පුද්ගලයන්ගේ දෙමාපියන් හට පූර්ණ අයිතියක් ඇත. මෙම කටයුත්ත ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහ සමාජයට හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාම ඔස්ට්‍රේලියානු රජයේ අපේක්ෂාව වේ.

දෙමාපියන් හට තම දරුවන් සමග එක් වීමට මේ වන විටත් ආකාර කිහිපයක දෙමාපිය වීසා හඳුන්වා දී තිබෙන නමුත් වසර 5ක කාලයක් නොකඩවා ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමේ නව වීසා ක්‍රමයක් පිළිබඳවද රජයේ අවධානය යොමුව ඇත.ඒ සඳහා මහජනතාවගෙන් මෙසේ අදහස් ලබාගැනීමට රජය අපේක්ෂා  කරයි.

ඒ අනුව මෙම නව වීසා ක්‍රමය ඔස්සේ සමාජයට සහ විවිධ ප්‍රජාවන්ට එය බලපාන අයුරු රජයට දැන්වීමෙන් මෙම නව වීසා ක්‍රමයේ සාර්ථක මුහුණුවර හඳුනාගැනීමට හැකිවනු ඇති බවද රජය විශ්වාස කරයි.

යෝජනා පත්‍රය

මෙම යෝජනා පත්‍රය  Introducing a temporary visa for parents - d​iscussion p​aper​ (115KB PDF)  දරන වෙබ් ලිපිනයෙන් ඔබට බාගත කර ගත හැකි වේ.

අදහස් යොමු කිරීමේ අවසන් දිනය

මෙම නව දෙමාපිය වීසා ක්‍රමය පිළිබඳ අදහස් සැපයීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමස්ත ජනයාටම අවස්තාව හිමි වේ.

දෙමාපිය වීසා තවත් වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සහ ඒ හා සම්බන්ධ ගැටළු පිළිබඳ මෙම යෝජනා පත්‍රය මගින් මහජනතාවට තම අදහස් යොමු කළ  හැකිය.

පිරවූ යෝජනා පත්‍ර temporary.parent.visa@border.gov.au යන ඊමේල් ලිපිනයට යොමු කළ  හැකි අතර ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් 2016 ඔක්තෝබර් 31 දින මධ්‍යම රාත්‍රිය දක්වා යෝජනා පත්‍ර යොමු කිරීමේ අවස්තාව  පවතියි.

එම වේලාවෙන් පසුව යොමු කෙරෙන යෝජනා පත්‍ර නොසළකා හරින බවද ඔස්ට්‍රේලියානු සංක්‍රමණික හා දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවපවසයි.

"පරම්පරා තුනක් එකට එක්වීම සමාජයට මහත් ප්‍රතිලාභ ගෙනදෙන්නක්. එනිසා තමයි අපි මෙම තීරණය ගන්න  හිතුවේ. මහළු දෙමාපියන්ට පවුල් වල හිමිවන්නේ සුවිශේෂී තැනක්. වසර 30ක පටන් අපේක්ෂා කරපු දෙයක ප්‍රතිපල ලබන්න අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා." සංක්‍රණික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Alex Hawke  පැවසීය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි හෝ ස්ථිර පදිංචිය හිමි පුද්ගලයන් හට සිය දෙමපියන් මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ක්‍රම දෙකක් පවතියි. එක් ක්‍රමයක් නම්  'non-contributor' වීසා ක්‍රමය යටතේ දෙමාපිය වීසා ලබා ගැනීමය. එයට ඔස්ට්‍රේලියානු ඩොලර් 7000ක් වැය වන අතර වසර 18ත් 30ත් අතර කාලයක් බල සිටීමට සිදු වෙයි.  'contributor' වීසා නමැති අනෙක් ක්‍රමය යටතේ  ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක් වැය වන අතර වසර දෙකක කාලයක් ඇතුළත එය ලබා ගැනීමට හැකි වේ.

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ නව දෙමාපිය වීසා පිළිබඳ මහජන අදහස් විමසීමට යෝජනා පත්‍රයක් : අවසන් දිනය 2016 ඔක්තෝබර් 31 (SBS සිංහල/වාර්තා) | SBS Sinhala