SKIP TO MAIN CONTENT

මර්වින් සිල්වාගෙන් නව පක්ෂයක්.

A new party from Mervin Silva.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයෙකු සහ ලාංකේය දේශපාලනයේ සැමවිටම ආන්දෝලනාත්මක පුවත් මවන මර්වින් සිල්වා මහතා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව ඊයේ (26/03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

තරුණයින් වෙනුවෙන් ඉදිරියේදී මෙම නව දේශපාලන පක්ෂය බිහි කරන බවත් එය යුගයේ අවශ්‍යතාවයක් බවත් ඒ මහතා කියා සිටියේය.

මෙම නව පක්ෂය තුළ අල්ලසට, දූෂණයට හෝ වරප්‍රසාදවලට ඉඩක් නොමැති බව ද මර්වින් සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now