SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල පාලනය කරන ආකාරය පිළිබඳ ප්‍රාන්ත අගමැති Andrews හට බහුතර වික්ටෝරියානුවාසීන්ගෙන් ප්‍රසාදය

Victorian Premier Daniel Andrews.
Victorian Premier Daniel Andrews. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පාලනය කරනු ලබන ආකාරය පිළිබඳ බහුතර වික්ටෝරියානුවාසීන් සිය ප්‍රසාදය පළ කර තිබේ.

The Australian පුවත් පත් විසින්  ඒ පිළිබදව පැවැත්වූ නවතම මත විමසුමකින් මේ බව හෙළිවී ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ දෙවැනි කොරෝනා රැල්ල ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් පාලනය කරන ආකාරයට කැමති බව එම මත විමසුමට සහභාගී වූ 62% ක් ප්‍රකාශ කර ඇත.

35% ක පිරිසක් ඊට එකඟ වී නොමැත.

එමෙන්ම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් වික්ටෝරියානුවන්ට පනවා ඇති දැඩි lockdown නීති සුදුසු බවට ඔස්ට්‍රේලියාවම නියෝජනය කරමින් පැවති මත විමසුමේදී 61% ක් ප්‍රකාශ කර තිබේ.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහනේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කෙරෙන විමර්ශන කමිටුව හමුවේ අද දිනයේදී (22/09) වික්ටෝරියානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Kym Peake පෙනී සිටීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now