SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිතවූ සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු බලධාරීන් අඩු සැලකිලි දක්වන බවට චෝදනා.

A new report says refugees settled in Australia are being treated with disrespect
Source: Refugee Council of Australia

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිතවූ සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු බලධාරීන් අඩු සැලකිලි දක්වන බවට ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලය සහ Fairfield Multicultural Interagency ආයතනය එක්ව ඉදිරිපත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම අදාළ පුද්ගලයින්ව දැනුවත් කිරීමකින් තොරව ඔවුන්ගේ සුබ සාධන දීමනා කප්පාදු කරන බවට ඔවුන් චෝදනා කරයි.

සරණාගතයින් තම ඉංග්‍රීසි පන්ති සඳහා සහභාගී වෙමින් සිටියදී හිටි හැටියේම Jobactive වැඩසටහන යටතේ රැකියා සොයාදීමේ අනිවාර්ය රැස්වීම් සඳහා පන්තියෙන් පිටතට කැඳවන බවට ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක  Paul Power චෝදනා කරයි.

නමුත් එම රැස්වීම් අවසානයේ අදාළ සරණාගතයින් හට රැකියාවක් නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියානු රජයේ බිලියන 1.4 ක් වටිනා Jobactive වැඩසටහන පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක  Paul Power , A-B-C පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now