බිල් පත් හරහා ඕස්ට්‍රේලියාවේ සිදුවන අලුත්ම වංචාවක තොරතුරු හෙළිවේ: එක් යුවළකට ඩොලර් 800,000කට වඩා අහිමි වෙලා

ගෙවීම් ආපසු හරවා යැවීමේ වංචාවන් හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 16 කට වඩා අහිමි වූ බව වාර්තා වී තිබේ. කෙසේ උවත් දැන් අපරාධකරුවන් අලුත් උපක්‍රමයක් සොයාගෙන තිබේ.

A person looking at an online invoice on a laptop

Fake invoice scams involve criminals posing as real businesses and targeting recent customers. Source: Getty / AndreyPopov / iStockphoto

ඔබ කවදා හෝ අන්තර්ජාලය හරහා බිල්පතක් හෝ ඉන්වොයිසියක් ගෙවා ඇත්නම්, ඔබ කෙතරම් සමීපව එම ගනුදෙනුව පරීක්ෂා කර තිබේද?

ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ ඉන්වොයිස් වංචාවල ප්‍රමාණය ඉහළ යමින් පවතින අතර, ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ Scamwatch සේවාව එක් යුවලකට ඩොලර් 800,000ක් මෙම වංචාව හේතුවෙන් අහිමි වී ඇති බව වාර්තා කර සිටී.

2023 දී, ඕස්ට්‍රේලියානුවන් මෙවැනි වංචාවන් හේතුවෙන් ඩොලර් මිලියන 16.2 ක් අහිමි වූ බව වාර්තා වී තිබේ. මෙහිදී එක් වංචාවකදී අහිමි වන මුදල් ප්‍රමාණය වැඩි වෙමින් පවතින බව දක්නට ලැබේ.
ව්‍යාපාර ලෙස පෙනී සිටින වංචාකරුවන්ගෙන් ලැබෙන ව්‍යාජ ඉන්වොයිස සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඉන්වොයිස් වංචා ගැන ඔබ දැනගත යුතු දේ සහ ඔබව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිලිබඳ සලකා බැලීමක් සිදුකිරීම ඉතා වැදගත් වේ.

ඉන්වොයිස් වංචා සිදුවන්නේ කෙසේද?

ගෙවීම් යළි හරවා යැවීමේ වංචා, හෝ ඉන්වොයිස් වංචා යනු පාරිභෝගිකයෙකු මෑතකදී ගනුදෙනු කළ සැබෑ ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින අපරාධකරුවන් සම්බන්ධ වන වංචාවකි.

මෙහිදී වංචාකරුවන් විසින් ව්‍යාපාරයේ ප්‍රධාන විද්‍යුත් තැපැල් ගිණුමෙන් හෝ නීත්‍යානුකූල ව්‍යාපාරය අනුකරණය කිරීමට නිර්මාණය කර ඇති වෙනත් විද්‍යුත් තැපැල් ලිපිනයක් හරහා පාරිභෝගිකයින්ට ගෙවීම් බිල්පත් යැවීමක් සිදුකරනු ලබයි. මෙහිදී ගිණුම් අංක ඇතුළු අනෙකුත් විස්තර වෙනස්කොට බිල් පතක් යැවීම සිදු වේ.
Screenshot showing a legitimate invoice and a scam invoice side by side
The ACCC is warning customers about fake invoices. Source: Supplied / ACCC
මේ ආකාරයේ ව්‍යාජ ඉන්වොයිසිය ලැබී සැබෑ ව්‍යාපාරය වෙනුවට වංචා කරුවන් හට ගෙවීමක් සිදු කිරීම හේතුවෙන් වංචාවට හසුවීමක් සිදුවේ.

ගෙවීම පිළිබඳව පසු විපරම් කිරීමට සැබෑ ව්‍යාපාරිකයා ඔවුන්ව සම්බන්ධ කර ගන්නා තෙක් වංචාවට හසුවූ පුද්ගලයින් සාමාන්‍යයෙන් තමන් වංචාවට ලක්ව ඇති බව නොදනී.

ව්‍යාජ ඉන්වොයිස් වංචාව හරහා ඉලක්ක කරන්නේ කුමන පුද්ගලයින්ද?

ව්‍යාජ ඉන්වොයිස් වංචාවන් සාමාන්‍යයෙන් දේපල වෙළඳාම් ක්ෂ්ස්ත්‍රයේ ව්‍යාපාර, නීතිමය සහ ඉදිකිරීම් සමාගම් වැනි විශාල මුදල් ප්‍රමාණයකට ඉන්වොයිසි යවන ව්‍යාපාරවල පාරිභෝගිකයින් ඉලක්ක කරන බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසා සිටී.

මේ අතර මෙම වංචා කරුවන් මෑතක කාලයේදී සංචාරක සමාගම්වල සහ මෝටර් රථ අලෙවි නියෝජිතයන්ගේ පාරිභෝගිකයන් ඉලක්ක කර ඇති බවට Scamwatch වෙත වාර්තා ලැබී ඇත.

නිවාස හා දේපල සම්බන්ධ ගනුදෙනුවකදී ඩොලර් 800,000ක මුදලක් අහිමි වූ යුවලක් පිලිබඳ තොරතුරු Scamwatch විසින් හෙළි දක්වා තිබේ.
තම සොලිසිටර් වරයාගේ විද්‍යුත් තැපැල් ලිපිනයෙන් මුදල් ගෙවීම් වලට අදාළ තොරතුරු නමුත් ඒවා වංචා කරුවන්ගේ බැංකු ගිණුම් තොරතුරු සහිතව ඒවා ඇති බව ඔවුන් නොදැන සිට තිබේ. මේ හේතුවෙන් සිදුකල ගෙවීම් වංචා කරුවන් අතට පත් වී තිබේ.

මෝටර් රථයක් මිලදී ගන්නා මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුම වංචාකරුවන් විසින් භාවිතා කරමින් බිල්පත් එවීම හේතුවෙන් ඩොලර් 35,000 කට වඩා වැඩි මුදලක් අහිමි වූ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පිළිබඳව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම තොරතුරු හෙළිකර තිබේ.

මෙහිදී වාහනය මිලදීගැනීමට අවශ්‍ය මූලික තැන්පතුව මෝටර්රථ අලෙවි ආයතනයේ වෙබ් අඩවිය හරහා ගෙවීමෙන් අනතුරුව ඔහුට ඉතිරි මුදල ගෙවීම සඳහා බිල්පතක් ඊ-මේල් මාර්ගයෙන් ලැබී තිබෙන අතර එය සත්‍ය බිල්පතක් ලෙස රැවටී ඉතිරි ගෙවීම සිදුකර ඇතැයි ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ප්‍රකාශ කර සිටී.

ඔහු මෝටර් රථය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ඔහු ගෙවීම් කර ඇත්තේ ව්‍යාජ බැංකු ගිණුමකට බව ඔහුට දැන ගැනීමට ලැබී තිබේ.

ඉන්වොයිස් වංචා වලින් ඔබව ආරක්ෂා කර ගත හැක්කේ කෙසේද?

අන්තර්ජාලය හරහා විශාල ගෙවීමක් කිරීමට පෙර, ඔබ ගනුදෙනු කරන්නේ කවුරුන්ද යන්න සලකා බැලීමට අත්‍යවශ්‍ය බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කර සිටී.

මෙහිදී ඉන්වොයිසිය නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට සහ ගෙවීම් විස්තර නිවැරදි බව තහවුරු කිරීමට ඔබ ගනුදෙනු කරන ව්‍යාපාරය ඇමතීමටකටයුතු කිරීම ඉතා වැදගත් බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මේ ආකාරයට තොරතුරු ලබා ගැනීමේදී කිසිසේත්ම බිල්පත් වල සටහන්ව තිබෙන දුරකථන අංක හෝ ඊ මේල් හරහා තොරතුරු ලබා ගැනීම සිදු නොකළ යුතු වේ. ඔබ විසින්ම ඔබ ගනුදෙනු කරන ආයතන වල තොරතුරු සපයා ගැනීම සිදුකල යුතු අතර ඒ හරහා ඔබට ලැබී ඇති බිල්පත් වල තොරතුරුවල නිරවද්‍යතාවය පිරික්සා බැලීම ඉතා වැදගත් වේ.

ඔබ යම් වංචාවකට හසුවී ඇති බව හැගී යන්නේනම් වහාම ක්‍රියාත්මක විය යුතුවේ. අදාළ ගිණුම් තොරතුරු සහ ගෙවීම් පිලිබඳ තොරතුරු ඔබගේ බැංකුවට සහ Scamwatch වෙත වහාම දැනුම් දීමක් සිදුකල යුතු වේ.

ඔබට මුදල් අහිමි වී ඇත්නම්, අදාළ ව්‍යාපාරය අමතා ඔවුන්ට දැනුවත් කිරීමට කටයුතු කලයුතු වේ.

Share

Published

By Jessica Bahr
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service