SKIP TO MAIN CONTENT

ලැව් ගිනි අස්සේ හවායි නිවාඩුවට ගිය ඕස්ට්‍රේලියානු අගමැතිගේ මුහුණ රැගත් හවායි කමිසයක් ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලයට (SBS සිංහල / වාර්තා)

a
Source: MR Koya

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලය විසින් පසුගිය දිනවල පැවති  ලැව් ගිනි සම්බන්ධ අංග හා අග්‍රාමාත්‍ය Scott Morrison ගේ රුව රැගත් හවායන් කමිසයක්ද එක් කිරීමට තීරණය කොට ඇත. පුස්තකාල සේවකයන් පවසන්නේ මෙම කමිසය මෑතකදී ඇතිවූ ලැව් ගිනි ව්‍යසනය හා සම්බන්ධ බවයි.

Mahalo Scomo" shirt නම් ඕස්ට්‍රේලියානු පිරිමි ඇදුම් සමාගමක් වන MR. KOYA සමාගම විසින් මෙම නිර්මාණය කොට ඇත්තේ ලැව් ගිනි තත්ත්වය යටතේ අග්‍රාමාත්‍යවරයා හවායි වෙත යාමට තීරණය කිරීම තුලින්.

මෙම සමාගම මෙම කමිසය මුද්‍රණය කලේ NSW Rural Fire Service වෙත එම මුදල් වලින් 100%ක් ලාභය පිරිනමන අටියෙන්. මෙම කමිස 1000ක් පමණ විකුණා ඩොලර් 35,891 පරිත්‍යාග කිරීමට හැකිවී තිබේ. ඒ නිසාම ඕස්ට්‍රේලියානු ජාතික පුස්තකාලය ඔවුන්ගේ ජනප්‍රිය අංග නිරුපනය කරන අංශයට මෙම කමිසය නිකුත් කොට තිබේ 

පුස්තකාලයේ මුද්‍රිත අංශයේ  Erica Ryan පවසන්නේ රටේ විශේෂ සිදුවීම් හා සම්බන්ධ පත්‍රිකා , ස්ටිකර් හා දැන්වීම් අයත් අංශය මෙය ඇතුල් කල බවයි. එමගින් එම සිදුවීම් නැවත මතක් කරන නිසා MR Koya වෙතින් දැන්වීමක් ගැනීමට උත්සහ කිරීමේදී ඔවුන් කමිසයක්ම පරිත්‍යාග කර තිබේ.

මෙම ලැව් ගිනි හා සම්බන්ධව ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර කොලා සතුන්ගේ soft toy සවි කල අයුරු සිහි ගැන්වෙන සමරුවක්ද පුස්තකාලය සතු වේ.සේම පුස්තකාලයේ මෙම අංශය ඕස්ට්‍රේලියානු මැතිවරණ වලදී නිපැයුණු Bob Katter ගේ රුව හා , Stop Adani කරාබු , අග්රාමාත්යවරුන්ගේ රුව ඇති විවිධ සෙල්ලම් බඩු ද ඊට අයත් 

Ephemera collection නම් මේ අංශය පිලිබඳ ඔබටත් එම වෙබ් අඩවිය ඔස්සේ තොරතුරු දැන ගත හැකියි 

Source:SBS The Feed

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now