Key Points
- කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කෙරෙන පුද්ගලයින්ගේ අනිවාර්ය හුදකලා වීමේ කාලය දින 7 සිට දින 5 දක්වා අඩු කර තිබේ.
- මෙම සංශෝධනය සැප්තැම්බර් 09 සිට ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වේ.
- සැප්තැම්බර් 09 සිට ගෙවීම් සහිත වසංගත නිවාඩුවලද සංශෝධනයක් සිදුවේ.
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති සමලෝචනය කර සංශෝධනය කිරීමේ මූලික අරමුණින් ඊයේ අගමැති Anthony Albanese ප්‍රමුඛ ජාතික කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වුණි.
එහිදී කොවිඩ් නීති කිහිපයක්ම සංශෝධනය කෙරිණි.

කොවිඩ් ආසාදිතයින් හුදකලාවීමේ කාලය සංශෝධනය කෙරේ
කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්ෂා කෙරෙන පුද්ගලයින්ගේ අනිවාර්ය හුදකලා වීමේ කාලය දින 7 සිට දින 5 දක්වා අඩු කිරීමට ඊයේ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත කෙරිණි.
මෙම සංශෝධනය සැප්තැම්බර් 09 සිට ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වේ.
රෝග ලක්ෂණ නොමැති නම් දින පහකට පසු පුද්ගලයින්ට හුදකලා වීමෙන් මිදිය හැකිය.
Aged සහ disability care වැනි ඉහළ අවදානම් සේවා ස්ථානවල සේවකයින් සඳහා දින හතක හුදකලාවීම තවමත් අදාළ වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එකිනෙකට වෙනස් වූ තත්ත්වයන්ට රජය ප්‍රතිචාර දක්වන බවට වග බලා ගැනීම තමා ඇතුළු රාජ්‍ය තන්ත්‍රයේ වගකීම බව අගමැති Anthony Albanese එහිදී පැවසුවේය.
COVID සැලකිය යුතු කාලයක් පවතිනු ඇති බවත් එයට නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

වසංගත නිවාඩු සඳහා සුදුසුකම් ලැබීම සහ ගුවන් ගමන් වල මුව ආවරණ පැළඳීම
හුදකලා වීමේ කාලය කෙටි කිරීම නිසා සැප්තැම්බර් 09 සිට ගෙවීම් සහිත වසංගත නිවාඩුවලද සංශෝධනයක් සිදුවේ.
කෙසේවෙතත්, වැටුප් සහිත වසංගත නිවාඩු දීර්ඝ කිරීම සැප්තැම්බර් මස අවසානයේදී අවසන් වීමට නියමිතය.
හදිසි වසංගත ගෙවීම් සදහටම පවතිනු ඇතැයි ඔස්ට්‍රේලියානුවන් අපේක්ෂා නොකළ යුතු බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසුවේය.
මේ අතර සැප්තැම්බර් 09 වන දින සිටම ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල සංචාරකයින් සඳහා අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවත් කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.
සැප්තැම්බර් 30 වන දින මීළඟ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට තීරණය කර ඇත.

