ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ මාසයේදී ඇරඹීමට සුදානම් : සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් 6ක්

Lanka Premier League Player Auction to Take Place on October 1

Lanka Premier League Player Auction to Take Place on October 1 Source: Getty Images

කොවිඩ් වසංගතය අතර තුරදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ක්‍රිකට් තරගාවලිය වන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධව සෞඛ්‍ය නීති රෙගුලාසි සහ තරගාවලිය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳ මාර්ගෝපදේශ සකස් කිරිම සඳහා, පුද්ගලයන් අටදෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කෙරේ.

මෙම කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජිතවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුලත් වෙයි.

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් LPL තරඟාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඊට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 70ක් සහ මුල් පෙළ පුහුණුකරුවන් 10 දෙනකුගේ දායකත්වය ලැබීමට නියමිතය.

කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත එල්පීඑල් තරගාවලියේ සෑම කණ්ඩායමකටම ජාත්‍යන්තර ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් වේ.

දිවා රාත්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙන එල්පීඑල් තරගාවලියට තරග 23ක් ඇතුළත් වේ. එම තරග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණවල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now