වසර 17කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් (වාර්තා/SBS සිංහල)

1999 දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කල ටෙස්ට් ජයග්‍රහණයේදී, අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා , මුත්තයියා මුරලිදරන් , චමින්ද වාස් සහ මහේල ජයවර්ධන යන ශ්‍රී ලංකාව බිහිකළ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන් ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිටි අතර, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නවකයින් සමගින් හිමි කරගැනීම වැදගත් කාරණයක්.

Australia's Steve Smith

Australia need a further 185 runs for victory in the first Test against Sri Lanka in Kandy. (AAP) Source: AAP


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනදී පැවති  පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් 106 ක වාර්තාගත ජයග්‍රහණයක් හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (ජුලි 30දා ) සමත් විය. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට  එරෙහිව මීට  පෙර ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කොට ඇත්තේ 1999 වසරේ මහනුවරදී වන අතර, වසර 17කට පසුව නවකයිනගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමගින් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක්.  1999 දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට  එරෙහිව වාර්තා කල ටෙස්ට් ජයග්‍රහණයේදී, අර්ජුන රණතුංග, අරවින්ද ද  සිල්වා , මුත්තයියා මුරලිදරන් , චමින්ද වාස්  සහ මහේල ජයවර්ධන යන ශ්‍රී ලංකාව බිහිකළ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයන් ශ්‍රී ලංකා කණ්ඩායම තුල සිටි අතර, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම නවකයින් සමගින් හිමි කරගැනීම වැදගත් කාරණයක්.   

ශ්‍රී ලංකාව දැනට ටෙස්ට් වර්ගීකරණයේ හත්වන ස්ථානයේ පසුවන අතර ටෙස්ට් වර්ගීකරණයේ පළමු ස්ථානයේ පසුවන ඕස්ට්‍රේලියාව, තරගාවලියේ පළමු තරගයේදී මේ අයුරින් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග වලට සුභ ලකුණක් වන අතර, මාස  6කට ආසන්න  කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් වලින් අනතුරව මෙම ජග්‍රහණය තම කණ්ඩායමට අවශ්‍යව තිබු එකක් බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ලකුණු පුවරුව


මෙම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර, එහිදී පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා  දැවී  ඔවුන්ට වාර්තා කල හැකිවුයේ ලකුණු 117ක් පමණි. අනතුරුව ඕස්ට්‍රේලියාව  තම පළමු ඉනිම තුල ඊට පිලිතුරු වශයෙන් ලකුණු 203ක් වාර්තා කරන්නට සමත් විය.

අනතුරැව  තම දෙවැනි ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 353ක් වාර්තා කල අතර, කුසල් මෙන්ඩිස් මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තාකළ ලකුණු 176 ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් ස්ථාවරයකට ගෙන එන්නට සමත් විය.

අනතුරව තරගයේ ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියාවට  තම දෙවැනි ඉනිම තුල ලකුණු 268ක ඉලක්කයක් හිමි වූ අතර, රංගන හේරත්ගේ සහ ලක්ෂාන් සදකැන්ගේ අගනා  පන්දු යැවීම හමුවේ ඔවුනට ලබාගත හැකිවුයේ ලකුණු 161ක් පමණි.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගත් දග  පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් තරගයේ පලමු ඉනිමේදී කඩුලු  4ක් දවාගන්නට සමත් වූ අතර දෙවැනි ඉනිමේදී කඩුලු  3ක් දවාගන්නට සමත් විය.  ජයග්‍රහණය සදහා ලකුණු 268ක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 161කට සිමා කිරීමේදී රංගන හේරත්ගේ පන්දු යැවීම සුවිශේෂී දායකත්වයක් ලබාදුන් අතර, ලකුණු 54කට කඩුලු  5ක් දවාගන්නට  සමත් විය. රංගන පළමු ඉනිමේදීද කඩුලු  4ක් දවාගන්නට  සමත් විය.

 Steve  Smith ගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලැබූ පළමු ටෙස්ට් පරාජය මෙය වීමත් සුවිශේෂී සිදුවීමක්. ඕස්ට්‍රේලියාව  සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 27 ක්  අතරින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේයාවට එරෙහිව වාර්තා කල දෙවැනි ටෙස්ට් ජයග්‍රහණය මෙයයි.

තරගයේ වීරයා සම්මානය  කුසල් මෙන්ඩිස් විසින් හිමි කරගත් අතර දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු 4දා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

තරගයේ වීරයා සම්මානය හිමි කරගත් කුසල් මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
වසර 17කට පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් (වාර්තා/SBS සිංහල) | SBS Sinhala