ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ පරීක්ෂණය තවත් දැඩි කිරීමේ සූදානමක්.

Australian citizenship Test

Source: SBS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ පරීක්ෂණය තවත් දැඩි කිරීමට සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය  Peter Dutton  පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියි.

සංක්‍රමණිකයින් මුවාවෙන් ත්‍රස්තවාදීන් ඔස්ට්‍රේලියාව තුළට පැමිණීම වළක්වාලීමට මෙම පියවර  අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

මෙහිදී ඔස්ට්‍රේලියානු වටිනාකම්, ඔස්ට්‍රේලියානු සමාජයත් සමග සම්බන්ධ වීමට ඇති හැකියාව, ස්වාධීන පුද්ගලයන්ගේ ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කැමැත්ත, ළමුන්ගේ අධ්‍යාපනය, රැකියා අපේක්ෂාවන් සහ සුබ සාධන යැපීම් පිළිබඳ අවධානය යොමු කිරීමට රජය සූදානම් බවද ඔහු පැවසීය.

මේ වන විට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාදීමේ ආකාරයට සමාන මොඩලයක් කෙරෙහි අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා පවසා තිබේ.

 

** මේ පිළිබඳ වැඩි විස්තර, තොරතුරු ලද විගස SBS සිංහල අඩවියෙන්.  www.sbs.com.au/sinhalese

 


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now