SKIP TO MAIN CONTENT

මිනිසුන්ගේ අමරණීය බව නැති කළ ඇබෝර්ජීනියානුවන්ගේ අමිහිරි මතක සැඟවුණු ඔස්ට්‍රේලියාවේ ස්වදේශික දූපතට චාරිකාවක්

Lardil කියන ඇබෝර්ජීනියානු ගෝත්‍රය තමයි Mornington දූපතේ පාරම්පරික උරුමක්කාරයෝ. ඔවුන් වසර 8,000 ක පමණ පටන් මේ දූපතේ ජීවත් වෙනවා.

Mornington Island  Final

4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

මේ ගෙවී යන්නේ ඔස්ට්‍රේලියාවේ National Reconciliation Week හෙවත් ජාතික සංහිඳියා සතියයි.

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ඔස්ට්‍රේලියානු භූමියේ හවුල් ඉතිහාසය, සංස්කෘතීන් සහ ජයග්‍රහණ පිළිබඳව ඉගෙන ගැනීමටත්, ඔස්ට්‍රේලියාවේ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා අප සෑම කෙනෙකුටම දායක විය හැකි ආකාරය ගවේෂණය කිරීමත් මෙම සතියේ මූලික අරමුණ වෙනවා.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ ඉතිහාසය සහ සංස්කෘතිය, ඔවුන්ට අතීතයේ පටන් විඳීමට සිදුවී ඇති අමිහිරි අත්දැකීම් සහ අසාධාරණකම් පිළිබඳව බොහෝ සෙයින් මෙම සතියේදී සාකච්ඡාවට බඳුන් වෙනවා.

SBS සිංහල ගුවන් විදුලියේ 'මාසික ගුවන්විදුලි චාරිකාව' වන Australian Rural Beauty හි 2023 මැයි මාසයේ ගමනාන්තය වුණේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් හට මෙම භූමිය ආක්‍රමණය කළ සුදු ජාතිකයින් නිසා විඳින්නට සිදුවනු අමිහිරි අතීතයක ඉතිහාසගත තොරතුරු සැඟවුණු දූපතක්.

ඒ දූපතට යන අපූරු චාරිකවත් සමග මෙතැන් පටන් ඔබත් එකතු වෙන්න.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ අමිහිරි මතක සැඟවුණු දූපත

Stolen Generation හෙවත් එවකට ඇබෝර්ජීනියානුවැසියන්ගේ දරුවන් ඔවුන්ගේ පවුල් වලින් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු භූමිය ආක්‍රමණය කළ සුදු ජාතිකයින් ගත් ක්‍රියා මාර්ගය නිසා ඇබෝර්ජීනියානු ප්‍රජාව ඉතා කටක අත්දැකීම්වලට මුහුණ දුන්නා.

ඇබෝර්ජීනියානු ප්‍රජාවේ පරම්පරා ගණනාවක් ඉන් ඇතිවුණු මානසික කම්පනවලට හසුවුණා.

එවැනි අමිහිරි අත්දැකීම් කැටිවුණු සහ සැඟවුණු දූපතක් තමයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Carpentaria බොක්කේ පිහිටි Mornington Island හෙවත් Mornington දූපත.

මෙම බොක්ක ආශ්‍රිතව ඇති Wellesley දූපත් ලෙස හඳුන්වන දූපත් 22 ක පමණ ප්‍රමාණයෙන් විශාලතම දූපත ලෙස මෙම Mornington දූපත හැඳින්වෙනවා.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

යන්න තියෙන එක පාරක්

මේ චාරිකාව අපිව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ.

ජනක උදේ පාන්දරම බ්‍රිස්බේන් සිට කෙයාන්ස් වෙත ගිහින් කෙයාන්ස් සිට ඇබෝර්ජීනියානු ජනපද හරහා Mount Isa වෙත යන regional express කුඩා ගුවන් යානයකින් තමයි ජනක හැන්දෑවන විට Mornington දූපතට යන්නේ.

මේ ගුවන් යානාවල යනකොට ඕනෑම දෙයකට සූදානම් වෙලා යන්න අවශ්‍යයි කියල ජනක කිව්වා.

විශේෂයෙන් ගුවන් ගමන් ප්‍රමාද වීම් හරිම සුලබ දෙයක් යනුවෙන් ජනක අපිත් සමග පැවසුවා.

Mornington Island 02.jpg
Credit: SBS Sinhala

පාරම්පරික හිමිකරුවන් Mornington දූපතට ගාල් කරයි

Lardil කියන ඇබෝර්ජීනියානු ගෝත්‍රය තමයි Mornington දූපතේ පාරම්පරික උරුමක්කාරයෝ.

ඔවුන් වසර 8,000 ක පමණ පටන් මේ දූපතේ ජීවත් වෙනවා.

1914 දී මිෂනාරිවරුන් මේ දූපතට පැමිණියා.

1920 දී ඔවුන් මේ Mornington දූපත වටේ තිබෙන අනෙක් දූපත්වල වාසය කරමින් සිටි ඇබෝර්ජීනියානු වැසියනුත් මේ Mornington දූපතට බලෙන්ම ගෙනාවා.

ඒවගේම ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ සිටි ඇබෝර්ජීනියානු පවුල්වලින් වෙන් කරගත් දරුවන්ද මේ Mornington දූපතට බලෙන්ම ගෙනත් දමන්න එවකට ඒ මිෂනාරිවරුන් කටයුතු කළා.

ඇබෝර්ජීනියානුවරුන් හැමෝම එකවගේ අපට පෙනුනත් ඇබෝර්ජීනියානු ජනපදවල මේ ආකාරයේ මිශ්‍රණයක් ඇති බව SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ පැවසුවා.

ඒ ආකාරයේ විවිධ ගෝත්‍රවල පිරිස් එකම දූපතක එකට මිශ්‍ර වෙන්න දැමුවාම විවිධ ප්‍රශ්න ඇතිවන අතරේ ඔවුන්ගේ ජීවන රටාව සහ මුලින්ම වෙනස් වෙන බවත් ජනක ප්‍රකාශ කළා.

එලෙස වෙනස්වන ජීවන රටාවට ඔවුන් දක්වන ප්‍රතිචාර සහ ප්‍රතික්‍රියා දෙස බලා ප්‍රධාන සමාජය එම පිරිස වැරදියි සහ රටට බරක් ලෙස දකිනවා.

ඒත් ඔවුන්ව ඒ තැනට දැම්මේ කවුද සහ ඇයි කියන කාරනා අවබෝධ කරගන්න දරන උත්සාහයන් අඩු බවත් ජනක සිහිපත් කළා.

Mornington Island 03.jpg
Credit: SBS Sinhala

ඇබෝර්ජීනියානුවරුන් වසර දහසකට පෙර Mornington දූපතට පැමිණි පුරාවෘත්තය

මෙම පුරාවෘත්තයට අනුව Mornington දූපතට පැමිණි පළමු මිනිසුන් තුන්දෙනා වෙන්නේ මාන්බිල්, ජින් ජින් සහ දිවාලිවාල්.

ජින් ජින් විවාහ වී සිටියේ මාන්බිල් සමග, ජින් ජින්ගේ මාමා තමයි දිවාලිවාල්.

ජනක කියන ආකාරයට මේ සිද්ධිය වුණේ ඇබෝර්ජීනියානු සිහින කාලේ.

මේ තුන්දෙනා එකතුවෙලා Mornington දූපතේ ගංගා, දිය ඇලී, කඳු වැටි, සත්තු සියල්ලම නිර්මාණය කළ බව තමයි පැවසෙන්නේ.

ඔවුන් හැම සතෙකුටම නමක් තියලා ඒ සතාට වෙනමම වාසස්ථානයක් වෙන් කළා.

ඒවගේම හැම සතෙකුටම විශේෂ උත්සව තියලා උන්ට ආරක්ෂාව සැපයුවා.

කතාවේ හැටියට ඒ කාලේ මිනිස්සු අමරණීය බව ලබලයි තිබුණේ.

ඉතින් කාලයක් ගතවන විට තනිකම පාළුව දැනුණු දිවාලිවාල්ට තමන්ට බිරිඳක් නැහැ නේද කියලා හිතුනා. ඉතිං ඔහු හිතුවා ජින් ජින්ව හොරකම් කරන්න.

හැබැයි, ඇබෝර්ජීනියානු නීතියට අනුව අන් අයෙක්ගේ බිරිඳක් සොරකම් කළොත් ස්වාමි පුරුෂයා ඒ පුද්ගලයාව මරන්නට ඕනේ.

ඉතින් මාන්බිල් හෙල්ලයකින් දිවාලිවාල්ට ඇන්නා.

බරපතල තුවාල ලබපු දිවාලිවාල් ඇනුණු හෙල්ලයත් සමග අහසට නැග්ගා.

අහසට නැගපු දිවාලිවාල් මාන්බිල්ට සහ ජින් ජින්ට මිය යාමට සාපයක් කළා.

ඉතිං එදා ඉඳන් තමයි මිනිසුන්ගේ අමරණීය බව නැතිවෙලා මිය යන්න පටන් ගත්තේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now