ආදිවාසී සම්භවයක් ඇති ජනයා ආගන්තුකයින් ලෙසට සලකා ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල නොහැකි බවට අධිකරණය දුන් තීන්දුව ගැන අමාත්‍ය Dutton ගේ අප්‍රසාදය (SBS සිංහල / වාර්තා)

s

Source: AAP

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් ජනයා මෙරට භූමියට ආගන්තුකයින් ලෙස සලකා පිටුවහල් කල නොහැකි බවට පසුගියදා ඕස්ට්‍රේලියානු මහාධිකරණය විසින් තීන්දු කරන ලදී. මෙයින් අධිකරණය පැවසුවේ ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව අබෝරිජිනල් සම්භවයක් ඇති ජනයා මෙසේ ආතක් පාතක් නැති ජාතියක් ලෙසට පිටුවහල් කල නොහැකි බවයි. නමුත් ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton ප්‍රකාශ කරන්නේ මෙම තත්වය නිසා නීතිඥයන් අයුතු ප්‍රයෝජන ගත හැකි බවයි.

මහාධිකරණය විසින් මෙලෙස තීන්දු කිරීමට හේතුවුයේ, ආදිවාසී සම්භවයක් ඇති එහෙත් ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුදගලයන් දෙදෙනෙකු මෙරටදී සිදුකොට ඇති සාපරාධී අපරාධ අනුව ඔවුන් රටින් පිටුවහල් කිරීමට රජයට අවශ්‍ය වීම නිසා බව වාර්තා වේ.

මෙම නඩු තීන්දුව මගින් නවසීලන්තයේ ඉපදුනු එහෙත් ආදිවාසී සම්භවයක් ඇති Brendan Thoms රටින් පිටුවහල් නොකිරීමට නියම විය. ඔහු ඔස්ට්‍රේලියානුවකු නොවුනත් ආදිවාසී පුද්ගලයෙකු ලෙස සැලකේ. ඒ ඔහුගේ එක් දෙමාපියකු ඕස්ට්‍රේලියානු අදිවාසියෙකු වීම නිසා. නමුත් මෙලෙස සාපරාධී චෝදනා එල්ලවුණු අනෙක් පුද්ගලයා වන ඕස්ට්‍රේලියානු ආදිවාසී සම්භවයක් සහිත පැපුවා නිව් ගිනිහි ඉපදුනු Daniel Love ගේ ඉරණම තවම තහවුරු වී නොමැත.

නමුත් අමාත්‍ය Dutton පවසන්නේ මෙම තීරණය නිසා වෙනම ජන පන්තියක් නිර්මාණය වන බවයි. නීතියට ගරු කල යුතු වුවත් , දැන් මෙම තීන්දුව හරහා පුරවැසිභාවය හා ව්‍යවස්ථාව අර්ථකතනය මගින් විවිධ ගැටළු රැසක් ඇති විය හැකි බවයි ඔහු පවසන්නේ.

මෙහිදී මාධ්‍ය විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් Dutton මහතා පවසන්නේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම තත්වය පාලනය කිරීමට හැකියාවක් ඇත්ද යනුවෙන් ඔහු නීතිමය උපදෙස් ලැබෙන තුරු බලා සිටින බවයි. මෙම තීන්දුවට එරෙහි ලෙස නීති වෙනස්කිරීම පිලිබදව තවමත් හරි හැටි තහවුරු කල නොහැකි බව ඔහු පවසා තිබේ.

එසේම මෙම පුද්ගලයන් දෙදෙනා නියෝජනය කල නීතීවේදී Claire Gibbs පවසන්නේ මෙම තීන්දුව මඟින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය නොමැති එහෙත් මෙරට ආදිවාසී සම්භවයක් ඇති ජනයා පිටුවහල් කල නොහැකි බව තහවුරු වන බවයි. එසේම මෙම නඩු තීන්දුව මඟින් ඔවුනගේ අයිතිය පිලිබදව පිලිබිඹු වන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

 


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now