SKIP TO MAIN CONTENT

මැතිවරණය පරාජය වීමත් සමග ඔස්ට්‍රේලියානු විපක්ෂ නායක නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Australian Federal Election 2019
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊයේ (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය පරාජය වීමත් සමග කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී කම්කරු පක්ෂය සඳහා නව නායකෙයකු පත් කරගැනීමට කම්කරු පාක්ෂිකයින්ට සිදුවනු ඇත.

මෙවර මැතිවරණය කම්කරු පක්ෂය ජය ගන්නා බවට ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සිදුකළ සියලුම සමීක්ෂණ පෙන්වූ නමුත් අවසානයේ සමස්ත ඔස්ට්‍රේලියාවම මවිත කරවමින් ලිබරල් සන්ධානයට මැතිවරණයේ ජය හිමිව තිබේ.

ලිබරල් සන්ධානයේ ජයග්‍රහනයට තමන් සුබ පතන අතරම අගමැති ස්කොට් මොරිසන් හටද තම සුබ ප්‍රාර්ථනා එක් කරන බවත් බිල් ශෝටන්ඊ යේ රාත්‍රියේ පැවති විශේෂ කතාවේදී පැවසීය.

කම්කරු පාක්ෂිකයින් මෙවෙලේ ඉතා ශෝක ජනක අවස්ථාවකට පත්ව සිටින බව තමන් දන්නා බවත් කම්කරු පක්ෂය වෙනුවෙන් ඔවුන්ගේ මහගු කැපවීම තමන් ඉතා ඉහළින් අගයන බවත් කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් එහිදී වැඩි දුරටත් පැවසීය.

මේ අතර කම්කරු පක්ෂයේ මීළඟ නායකත්වය බාරගැනීමට එහි ජ්‍යෙෂ්ඨ සාමාජික Anthony Albanese මෙන්ම කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා Tanya Plibersek ද මේ වන විට ඉදිරිපත් වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now