SKIP TO MAIN CONTENT

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න වරෙන්තු.

Arrest warrant issued on Arjuna Mahendran.
Source: Daily Mirror

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15/03) වරෙන්තුවක් නිකුත් කළාය.

මීට පෙර අධිකරණය විසින් අර්ජුන් මහේන්ද්‍රන් හට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි වලට අනුව පෙනී නොසිටිම පිළිබඳ සළකා බලමින් මෙම නියෝගය නිකුත් කෙරුණු බව සඳහන්.

මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන  මහතා මාර්තු 29 වැනි දා දක්වා යළි රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now