SKIP TO MAIN CONTENT

පරණ ආණ්ඩුවල වැරදිකළ අයට දඬුවම් නොදුන්නට මේ ආණ්ඩුවේ එහෙම නැහැ : ජනපති මෛත්‍රී.

Politics of Sri Lanka
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

පක්ෂ භේදයෙන් තොරව සියලු වැරදිකරුවන් සදහා දඩුවම්ලබාදිමේ ප්‍රතිපත්තියක් රජය වශයෙන් ක්‍රියාත්මක කරන බව ගාල්ල සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී ඊයේ (04/05) පැවැති ජන හමුවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.

පසුගිය ආණ්ඩුවල වැරදිකළ අයට කිසිදු දඩුවමක් නොමැති නමුත් මෙම ආණ්ඩුව එසේ නොවන බව කී ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“දූෂණය, වංචාව, සොරකම, නාස්තිය, දේශපාලන පක්ෂ භේදයෙන් තොරව වැරදි කරන ඕනෑම අයෙකුට නීතිය ක්‍රියාත්මක කිරීමට පැහැදිලි ප්‍රතිපත්තියක් රජය වශයෙන් ක්‍රියාත්මක කරනවා. එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද වෙනත් කුමන පක්ෂයක් ද යන්න එහිදී ගැටලුවක් නොවෙයි. ආණ්ඩුවක් ලෙස, රටක් ලෙස ඉදිරියට යන්න හැකි ගමනක් අප ආරම්භ කොට තිබෙනවා. ඒ  තුළ මේ රටේ අලුත් දෙයක් අප පෙන්නුම් කරලා තිබෙනවා. පසුගිය ආණ්ඩුතුළ වැරදි කළ අය ගණනාවක් සිටියත් ඔවුන්ට කිසි දඩුවමක් නැහැ. මහජනතාවට වැරදි ප්‍රදර්ශනය කරමින් එම වැරදි වර්ධනය කරමින් කටයුතු කරන තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කිසි දෙයකට විනය ක්‍රියාමාර්ගයක් නැහැ.”

නමුත් පොදුවේ එම තත්ත්වය වෙනස් කොට යහපත් දිශාවකට යන රටක් නිර්මාණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now