කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය : ලංකාව අසීරු අඩියක.

1st Test, Sri Lanka tour of West Indies

Source: espncricinfo

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොදෙව් දූපත් වල පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ තුන්වන දිනය (08/06) නිමා වන විට කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 131 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා පිළේ ප්‍රථම ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 44 රැස් කරනු ලැබුවේ නායක දිනේෂ් චන්දිමාල් විසිනි.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් තම පළමු ඉනිම කඩුලු 8 ක් බිඳ වැටී සිටියදී ලකුණු 414 කට නවතදමා ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

එහිදී කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Shane Dowrich නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තේය.

මේ වන විට කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා කඩුලු 6 ක් අතැතිව ලකුණු 360 ක් ඉදිරියෙන් සිටියි.

අද (09/06) තරගයේ සිව්වන දිනය වේ.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now