ඔබටත් ඕස්ට්‍රේලියානු බදු කාර්යාංශයෙන් මෙවන් ලිපියක් ලැබුනොත් ? ඔබ කල යුතු දේ මෙසේයි ...

a

Source: ng

ඔස්ට්‍රේලියානු බදු කාර්යාංශය (ATO) වැරදි ලෙස tax return ඉල්ලුම් කරන පුද්ගලයින් හසු කර ගෙන ඩොලර් බිලියන ගණනක ආදායමක් ලබා ගන්න බවට Etax ආයතනය පවසනවා. data matching නම් තාක්ෂනය යොදා ගනිමින් මෙසේ සැක සහිත වියදම් පිලිබදව විමසා බදු කාර්යාංශය ලිපි යොමු කරයි .

ඉතින් ඔබටත් එම ලිපියක් ලැබුනොත් ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ?

Etax හි ඒජන්තවරයෙකු වන Liz Russell පවසන්නේ ඔබ මුලින්ම කලබල නොවිය යුතු බවයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මිස කලබල නොවිය යුතු අතර සාමාන්යෙන් බදු ප්‍රතිලාබ ඉල්ලුම කොට මසක සිට වසර 2ක් දක්වා ඒ පිළිබද විගණන පරීක්ෂනයක් සිදු කිරීමට බදු කාර්යංශයට හැකි වේ. පහත දැක්වෙන පරිදි වන ලිපියක් ලැබුණු විට ඔබේ බදු ඒජන්තවරයාගෙන් ද උපදෙස් ලබා ගත හැකියි
s
Source: etax
ඔබ ලිපිය සම්බන්ධයෙන් කිසිවක් නොකර සිටිය හොත් ATO ආයතනය ඔවුන් නිර්ණය කරන පරිදි පිලිගත නොහැකි යයි සිතන වියදම් කපා හැරීම හා ඒවාට සරිලන ප්‍රතිලාබය ඔබට නොලැබී යා හැකියි . එසේ කිරීමට බලයක් බදු කාර්යාංශය සතුයි

මෙවන් අවස්තාවකදී ඔබ වෙනුවෙන් ඔබේ බදු ඒජන්තවරයාට ඔබේ තත්වය පිලිබදව කාර්යාංශය සමග සාකච්චා කල හැකියි. ඒ අනුව ඔබට දඩයක් ගෙවීම හෝ ප්‍රතිලාබයක් ලැබීම තීරණය වේ. ඔබේ ඉල්ලුම් පතෙහි වෙනස්, පිළිගත නොහැකි වියදම් ඇත්නම් ATO ආයතනය විසින් ඒවා එකිනෙක  සදහන් කොට ඔබට ලිපියක් ලබා දේ. මෙම වෙනස්කම් ATO ආයතනය සොයා ගන්නේ ඉහල පෙලේ දත්ත විශ්ලේෂණ ක්‍රම මගිනි.

බොහෝ විට පුද්ගලයන්ට ඔවුන් වසරක් තුලදී රැකියා මාරු කිරීම නිසා රැකියා කිහිපයක් කිරීම ආදී කරුනුත්, newstart වැනි රජයෙන් ලැබෙන දීමනාත් ආදායම් ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම නිසාත් මෙසේ විශ්ලේෂණයට ලක් විය හැකියි.
එසේම මේ වසරේ ATO හි නව දත්ත විශ්ලේෂණ ක්‍රම නිසා මෙවන් ලිපි වැඩි පිරිසකට ලැබී ඇති බවත් වාර්තා වේ. ඔබට එම ලිපියේ සදහන් කරුණු වලට පිළිතුරු දිය හැකි ලෙස සාක්ෂි ඇත්නම් කාර්යාංශය නැවත එම මුදල් අයකිරීමේ ක්‍රියාදාමයට නොයයි.

ඔබේ තොරතුරු යාවත්කාලීන නම්, ඔබට බැංකු වාර්තා හා වැටුප් තොරතුරු ඇත්නම්, ATO ආයතනය ඉල්ලන සාක්ෂි සාමාන්‍ය ඒවා වේ 

ඔබේ වත්කම් සම්බන්ධ කරුණු වලට PAYG වාර්තා, බැංකු වාර්තා හා පෞද්ගලික රක්ෂණ වාර්තා අයත් වන අතර ඔබේ වියදම් සදහා රිසිට් පත් හෝ ලොග් පොත් වාර්තා ඉදිරිපත් කිරීමට සිදු වේ. මෙහිදී එම සාක්ෂි සලකා බලා කාර්යාංශය නැවත බදු වාර්තාවක් ඉදිදිරිපත් කල යුතුද නැත්ද යනුවෙන් තීරණය කරයි.
ඔබ බදු ප්‍රතිලාභය ලැබීමෙන් පසුවද මෙම පරීක්ෂනයට හසු වේ නම්, ඔබට හිඟ මුදල් නැවත ගෙවීමක් හෝ අමතර මුදල් ලබා ගැනීමට හෝ අවස්තාව ලැබේ.
ඔබට අවශ්‍ය පරිදි සාක්ෂි ඉදිරිපත් කල නොහැකි නම් ඔබට විරුද්ධව දඩයක් නියම කිරීම හෝ ඔබ විසින් වගකීමකින් සහිතව වියදම් තොරතුරු ලබා දී ඇති බවට හෝ එම ආයතනය විසින් තීරණය කරනු ඇති.
බොහෝ විට අතපසුවීමකින් වැරදි අගයන් යෙදීම, රැකියාවක් අමතක වීම ආදී සුළු වැරදි සදහා දඩයක් නැතත් ඔබ වැඩිපුර මුදල් එසේ ලබා ගත්තා නම් එය නැවත ගෙවීමට ඔබට සිදුවේ .

නමුත් ඔබ හිතා මතා වැරදි තොරතුරු දුන් බවට තීරණය වුව හොත් ඔබට දඩ නියම විය හැකියි 

නමුත් ඔබ හිතා මතා වැරදි තොරතුරු දුන් බවට තීරණය වුව හොත් ඔබට දඩ නියම විය හැකියි . ඔබේ වැරද්දේ බරපතල භාවය අනුව දඩය තීරණය වන අතර
හරිහැටි අවධානය නොකිරීමට ගෙවිය යුතු මුදලින් 25%ක් ද, නොසැලකිලිමත්කම සදහා 50%ක්ද සිතාමතා නොසලකා හැරීම සදහා 75% ක ද දඩ නියම වේ . මෙහි අවසන් තීරණය බදු කාර්යාංශය සතු වේ .

ඒ නිසා මෙවම් ලිපියක් කිසිවිටකත් නොසලකා හරින්න එපා . ඒ සදහා ඔබේ ඒජන්තවරයාගේ සහය ලබා ගන්න
b
Source: SBS



Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service