SKIP TO MAIN CONTENT

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වෙයි.

Chandimal has been ruled out of Asia Cup.
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන බව වාර්තා වේ.

ඇගිල්ලක ඇති වූ ආබාධයක් හේතුවෙන් චන්දිමාල්ට ආසියානු කුසලානය සඳහා සහභාගී වීමට නොහැකි බවත් ඔහු වෙනුවට සංචිතයට ඇතුළත් නොවුණු නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත් කළ බවත් වාර්තා වේ.

එමෙන්ම සිය බිරිඳගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් ආසියානු කුසලාන තරඟාවලියේ පළමු අදියරෙන් ඉවත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමග සැප්තැම්බර් 15 වන දින පැවැත්වීමට නියමතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now