SKIP TO MAIN CONTENT

දිනේෂ් චන්දිමාල්ව ශ්‍රී ලංකානු ක්‍රිකට් පිලේ නායකත්වයෙන් හා මීලඟ ටෙස්ට් සංචිතයෙන් ඉවතට

Dinesh Chandimal
Dinesh Chandimal Source: AAP

2 min read

Published

Updated

By Gamidu Agampodi

Source: espncricinfo


Skip to article content

ශ්‍රී ලංකානු ක්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ව මීලඟ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ. මේ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය, දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න වෙත ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයකට අනුව, චන්දිමාල් ගේ පිතිකරන හැකියාව ප්‍රගුණ කිරීමට අවස්ථාවක් වශයෙන් ඔහුව දේශීය ක්‍රිකට් තරඟ සංචිතයෙන් ඉවත් කර නොමැත. චන්දිමාල් ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු සංචාරයේදී ඉනිම 4ක් තුල ඔහු රැස් කළේ ලකුණු 24 ක් පමණි. එසේම සිය අවසන් ටෙස්ට් ඉනිම් 5 දී දිනේෂ් චන්දිමාල් රැස් කළේ, එක් අර්ධ ශතකයක් පමණි. 

තරඟ තීරකයන් විසින් චන්දිමාල්ව පිතිකරන පිලිවලෙහි 5 වන හෝ 6 වන ස්ථානයට යෙදීම  සුදුසු බව තීරණය කළ ද එම තීරණය පිළිබඳව චන්දිමාල්ව සතුටු නොවන බව ආරංචි මාර්ග පවසයි.

මෑතක දී ඇතිවූ තත්වය චන්දිමාල්ට හිතකර නොවුන ද, සමස්තයක් ලෙස ගත් කල ඔහුගේ නායකත්ව කාලය දුර්වල නැත. පසුගිය ටෙස්ට් තරඟ 17 තුල දී චන්දිමාල්ට 40.93 ක ලකුණු සාමාන්‍යයක් තිබේ. එසේම ඔහු ශතකයකට වැඩි ලකුණු සංඛ්‍යාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (පකිස්තානයට එරෙහිව), ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල වාර්තා කර තිබේ.

දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා හා middle-order batsman රොෂාන් සිල්වා ද ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබේ.

මීලඟ ටෙස්ට් සංචිතයට එකතුවන ක්‍රිඩකයින්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය අභියෝගාත්මක එකක් වුව ද තරඟ තීරකයන් නවක ක්‍රීඩකයන්ව සංචිතයට එකතු කිරීමට පැකිළී නැත. නම් කල ක්‍රීඩකයින් 17 දෙදෙනාගෙන් 8 දෙනෙකු මීට පෙර ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරඟ 5 ක් හෝ ඊට අඩුවෙනි.

නැවතත් ටෙස්ට් සංචිතයට එකතු වන ක්‍රීඩකයින් අතරට මිලින්ද සිරිවර්ධන හා ආරම්භක ක්‍රිඩක කෞෂාල් සිල්වා ද සිටියි. සිරිවර්ධන ටෙස්ට් තරඟයක මීට පෙර ක්‍රීඩා කළේ 2016 මැද භාගයේදීය. ශ්‍රී ලංකාවේ පැවති අයර්ලන්තයට එරෙහි තරඟයේ දී ශතකයකට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම නිසා සිරිවර්ධන ටෙස්ට් සංචිතයට යලි එකතුවෙයි. සිල්වා නැවත ටෙස්ට් සංචිතයට ඇතුළු වන්නේ ඔහු Premier League තරඟයේ දී ලකුණු 273 ක් රැස් කර ගැනීම නිසායි. මෙම ක්‍රිකට් වාරයේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now