SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කරයි (SBS සිංහල/ වාර්තා )

SLFP Logo
Source: SLFP facebook

1 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: www.dailymirror.lk


Skip to article content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අද දිනයේ (අප්‍රේල් 10) පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය වරුන් පිරිසක් විශ්වෂභංගයට පක්ෂව ජන්දය ලබාදුන් බැවින් ඔවුන් අදාල අමාත්‍ය ධුර වලින් ඉවත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර තිබීම හේතුවෙන්, ඊයේ රාත්‍රී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර එළබෙන බදාදා නැවත රැස්වී, අදාල අමාත්‍යවරුන් පිරිස රජයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න පිලිබදව තීරණයක් ගන්නා  ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට දැනුම් දී ඇතැයි  වැඩි දුරටත් වාර්තා වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now